සිවිල් ක්‍රියාකාරිකයෙකු වන ෂෙහාන් මාලක ගමගේ ට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඇප නියම කර තිබේ.ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (15) සැකකරුව අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සිදුකළ ප්‍රකාශයකට අදාළ නීතිපතිවරයාගේ උපදෙස් මත ඔහුව අත්අඩංගුවට ගත් බව ඊයේ (14) වාර්තා විය.ඒ අනුව ෂෙහාන් මාලක ගමගේ ව පානදුර ප්‍රදේශයේදී CIDය විසින් එලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.













