ෂාෆ්ටර්ගේ සොහොනට ගිනි අවි සහිත පොලිස් ආරක්ෂාව

අභිරහස් ලෙස මියගිය ප්‍රසිද්ධ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මළ සිරුර තැන්පත් කර ඇති බොරැල්ල සුසාන භූමියේ ස්ථානයට ගිනි අවි සහිත පොලිස් ආරක්ෂාව යොදවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.

දිනේෂ් ෂාෆ්ටර්ගේ අභිරහස් මරණයට හේතු සෙවීම සඳහා ඔහුගේ දේහය යළි ගොඩගැනීමට අවශ්‍යව ඇතැයි ඒ වෙනුවෙන් පත් කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉකුත් ඉකුත් 18 වනදා ලිඛිතව ඉල්ලීමක් කර තිබුණා.

එම ඉල්ලීම සලකා බැලූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එම දේහය ගොඩගැනීම සඳහා අවසර ලබාදුන් අතර, ඒ අනුව එළඹෙන බ්‍රහස්පතින්දා (25) දින එය ගොඩගැනීමට නියමිත බවයි වාර්තා වුණේ.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සිය දිවි හානිකර ගැනීමක් ද ? ඝාතනයක්ද? යන්න තීරණයක් ගැනීම සඳහා පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයක් පත්කිරීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ නාම ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වරයාට ඉකුත් පෙබරවාරි 17 නියෝග කරණු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14