ෂාරුක් ඛාන්ගේ පුතා පොලිසියේ.

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුතු ආර්යන් ඛාන් ඇතුළු 13 දෙනකු මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ, මත්කුඩු ළඟ තබා ගැනීම සහ භාවිතට ඇතුළු චෝදනා සම්බන්ධයෙනි.

මුම්බායි සිට ගෝව බලා ගමන් කරමින් තිබු නැවක සාදයක් පැවැති බවත්, එය මත්ද්‍රව්‍ය සාදයක් බවත්, ලැබුණු ඔත්තුවකට අනුව වැටලීම් කළ විට එහි තරුණ තරුණියන් අතර ආර්යන් ඛාන් ද සිටි බවත් මුම්බායි පොලිසිය වැඩි දුරටත් පවසා ඇත.

ආර්යන් ඛාන් සමඟ අත්අඩංගුවට ගත් 13 දෙනාගෙන් තිදෙකු තරුණියන් බව ද පැවැසෙයි.

අත්අඩංගුවට ගත් පිරිස සන්තකයේ තිබී හමුවී ඇත්තේ හසිෂ්, එම්ටී සහ කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය වන අතර ඒවා පොලිස් භාරයට ගෙන තිබේ.

ආර්යන් ඇතුළු පිරිස රැඳවුම් බාරයට ගෙන ඔවුන්ගෙන් පොලිසිය ප්‍රශ්න කරන බව ‘ඉන්දියා ටුඩේ’ පුවත් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ලැබුණු ඔත්තුවට අනුව, පොලිස් මත්ද්‍රව්‍ය වැටලීම් අංශයේ නිලධාරීන් කීපදෙනකු සිවිල් ඇඳුමින් සාදයට සහභාගී වී ඇත. සාදය ආරම්භ වී ඇත්තේ නෞකාව මුම්බායි නුවරින් යාත්‍රා කිරීම ආරම්භ කිරීමෙන් අනතුරුවය.

23 හැවිරිදි ආර්යන් ඛාන් ෂාරුක් ඛාන්ගේ වැඩිමල් දරුවාය. ආර්යන් ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සිසුවෙකි. ෂාරුක් ඛාන් සහ බිරිඳ ගෞරි ඛාන්ට ආර්යාන්ට අමතරව සුෂානා නමැති 21 හැවිරිදි දියණියක ද අබ්රාම් නමැති අට හැවිරිදි පුතෙක් ද සිටී.

yohani 1
JGHG
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පලේගම හේමරතන හිමිට අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය මෙන්න..නීතිඥවරු 30ක ප්‍රමාණයක් අදත් ඇවිත්
01:36
Video thumbnail
මල්වානේ නිවසට කඩා පැන්න අන්තරේට මහින්ද කිව්ව දේ..මේක සාමකාමීව විසඳගන්නවා
01:14
Video thumbnail
අපි ආණ්ඩුවේ අවලාදවලට හිරවෙලා..ආර්ථිකය බලන් ඉද්දිම කඩා වැටෙනවා l Dilith Jayaweera
09:37
Video thumbnail
නීතිය රකින පොලිස් නිලධාරින් හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..නීති දෙකක්ද ?
00:44
Video thumbnail
මල්වානේ නිවසේ නවතම තත්ත්වය..ලොක්කොන්ගේ දේපළ එළියට ආවා කියලා කළබලයක් වෙලා
04:22
Video thumbnail
මිලියන 6000ක බැඳුම්කර වංචාවක් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..සමාගමට දෙයියන්ගෙම පිහිටයි
06:31
Video thumbnail
කෝටි 27ක ගල් අඟුරු මුහුදට වැටීමේ අවදානමක් ?DV චානකගෙන් තවත් ප්‍රබල හෙළිදරව්වක්..
05:00
Video thumbnail
ඉවසුවා ඇතිනේද ?දැන් තමයි නැගිටින්න ඕනි.. දුමින්ද ජනතාවගෙන් ප්‍රශ්න කරයි
06:58
Video thumbnail
තෙල් ගේන මිනිහට ලොකු කුට්ටියක් ගන්න ආණ්ඩුව ඉඩ දුන්නා - ගම්මන්පිලට යකා නගියි
06:25
Video thumbnail
කැලඹුණු කාලගුණය නිසා දෙදෙනෙකුගේ දිවි අහිමිවෙලා..දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව පීඩාවට
07:56