බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන්ට එල්ල කර තිබූ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වන නඩුව ඉවත් කරගෙන තිබෙනවා.ආර්යන් ඛාන් 2021 ඔක්තෝම්බර් මාසයේදී සාදයකදී මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට සැකපිට අත්අඩංගුවට ගැනුණ අතර නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම, භාවිතා කිරීම සහ විකිණීම ඔහුට එරෙහිව ගොනු කර තිබු චෝදනායි.
මෙම නඩුවේ විත්තිකරුවන් 14 දෙනෙකු නම් කර තිබුණද සාක්ෂි නොමැතිකම හේතුවෙන් ආර්යන් ඛාන් ඇතුළු තවත් හය දෙනෙකු එම චෝදනාවලින් ඉවත් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2













