spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ෂාරුක් ඛාන්ගේ ආරක්ෂාව ඉහළ දැමීමට තීරණයක්

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ට ලබා දී තිබූ ආරක්ෂාව ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ෂාරුක් ඛාන් සමඟ ආයුධ සන්නද්ධ ආරක්ෂක භටයින් හයදෙනෙකු නිරන්තරයෙන් යෙදවීමටයි කටයුතු කර ඇත්තේ.

ෂාරුක්ට එල්ල වී ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් ඔහු පැමිණිලි කිරීමත් සමඟ මුම්බායි පොලිසිය විසින් ෂාරුක් ඛාන්ට Y+ ආරක්ෂක ආවරණයක් ලබාදීමයි කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

මීට පෙර ෂාරුක්ගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබුණේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු පමණයි.

බොක්ස් ඔෆිස් වාර්තා බඳ දමමින් තිරගත වන ‘ජවාන්’ චිත්‍රපටයේ සාර්ථකත්වයත් සමඟ ෂාරුක් ඛාන්ට මෙලෙස මරණ තර්ජන එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සුපිරි නළුවා මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජයට ලිපියක් යොමුකරමින් දන්වා සිටියේ තමාට මරණ තර්ජන එල්ල වන බවයි.

ඉන්පසුවයි මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය ඔහුට ලබාදී තිබූ ආරක්ෂාව වැඩි කිරීමට මෙලෙස තීරණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?