ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර කීර්තියට පත් කළ ප‍්‍රථම කාන්තාව රුක්මණීදේවි අපට අහිමි වී වසර 43 යි

සිංහල සිනමාවේ ප‍්‍රථම නිළි අග රැජිණිය සහ ප‍්‍රථම චිත‍්‍රපට පසුබිම් ගායිකාව වූ රුක්මණිදේවි මියගොස් මෙම ඔක්. 28 වනදාට හතළිස් තුන් වසරක් සපිරේ

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයෙත් මේ වසරේ ඔක්තෝම්බර් මාසයෙත් ඇගේ මියගිය දිනය සිහි කරමින් දිව්‍ය පූජා හෝ දානමය පිංකම් පැවැත්වීමට ඇගේ හිතවත් රසික රසිකාවියන්ට අවස්ථාව නොලැබිණි. ඊට හේතු වූයේ රටේ පවතින කොරෝනා වසංගතයයි. සිංහල චිත‍්‍රපට කර්මාන්තය ආරම්භ කරමින් බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ අධ්‍යක්‍ෂණයෙන් යුතුව 1947 ජනවාරි 21 වනදා කඩවුණ පොරොන්දුව චිත‍්‍රපටය තිරගත කෙරිණි.

රථම වරට එය තිරගත කරන ලද කොළඹ කොටහේනේ කිංග්ස්ලි සිනමා හල ද අද නැතිව ගොසින්ය. 1923 ජන. 15 වැනිදා මෙලෙව එළිය දුටු රාසම්මා ඬේසි ඩැනියල්ස් සිනමාවට පා තබන විට වේදිකා රංගනයේදී රුක්මණිදේවි නමින් බෞවුතීස්ම ලබා සිටියාය. පාසල් කාලයේදීම ‘‘රාමායනය’’ නාට්‍යයේ රග පෑමෙන් නාට්‍ය රගපෑම ආරම්භ කළ රුක්මණි දේවි 1939 දී එච්. ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර් සමග සිරි බුද්ධගයා විහාරේ ගීතය ගායනා කරමින් ග‍්‍රැමෆෝන් ගායිකාවක් බවට පත් වූවාය.

1940 දී බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ‘‘විනර්වා’’ නාට්‍ය සංගමයට බැඳී වේදිකා නාට්‍යවල ජවනිකා මාරුකිරීමේදී පේ‍්‍රක්‍ෂකයන් පිනවීම උදෙසා ගී ගායනා කළාය. ගායනය මෙන්ම ඇගේ රංගන හැකියාව තේරුම් ගත් බී. ඒ. ඩබ්ලිව් තම නාට්‍ය සඳහා ප‍්‍රධාන නිළි චරිතයට ඇයව යොදවා ගත්තේය. කඩවුණ පොරොන්දුව නාට්‍යයේ මුල් කාලයේ ප‍්‍රධාන නිළියට රගපෑ එඞී ජයමාන්න තම සොයුරු බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න තම නාට්‍යවලට කාන්තාවන්ම ප‍්‍රධාන චරිතය රගපෑමට යොදා ගැනීම ආරම්භ කළෙන් බී. ඒ. ඩබ්ලිව්ගේ නාට්‍යවල විකටයා ලෙසින් රගපෑවේ එඞී ජයමාන්නය. එඞී සමග ප්‍රේමයෙන් බැඳුනු රුක්මණිදේවී, එඞී සමග විවහවීමෙන් පසු ජයමාන්න නාට්‍යවල ජනප‍්‍රියත්වය වැඩිවන්නට විය. කාන්තාවන්ට රගපෑම තහනම් වුණ යුගයේ අභියෝගයට මුහුණදෙමින් තහනම් බිඳදැමූ රුක්මණිදේවි රගපෑමට පා තැබූ යුගයේ චිත‍්‍රපට නිෂ්පාදනය කළේ ද ඉන්දියාවේ බැවින් ඇයට චරිත නිරූපණය කිරීමට සිදු වූයේද ඉන්දීය රංග ශෛලය අනුමගමනය කිරීමෙනි.
රුක්මණිදේවියට බෙහෝ විට ගායනා කරන්නට ලැබුණේ හින්දි හෝ ද්‍රවිඩ ගීත අනුව ලියැවුණ ගීතයන්නය. භාවතීෂ්‍ය ප්‍රේමාලාප රැගත් ගීත වුවද ඇගේ සුමුදර හඩ සහෘදයා ඇඳ බැඳ ගන්නට සමත් විය.
ඒ ඇගේ ගායනා ශෛල්‍ය තුළ පැවති සුවිශේෂත්වය නිසාය.ඇය ගායනයට එක්වූ අවධියේදී ස්වතන්ත‍්‍ර ගීත ගායනා කළ බව ද අප අමතක නොකළ යුතුය. ආඩම්බර වීමට හැකි කාරණා කොතෙකුත් ඇගේ ජීවිතය තුළ තිබුණත් එසේ නොවී නිහතමානිිත්වයයෙන් ජීවත් වූ ඇය පිළිබඳ අසමසම ප‍්‍රතිරූපයක් ජනතාව තුළ ඇතිවී තිබීම කෙරෙහි බලපෑ ප‍්‍රධාන සාධකය ගායිකාවක වශයෙන් ඇය පළ කළ අප‍්‍රමාණ ප‍්‍රතිභාව යැයි මම සිතමි.

ගපෑමේදී ඇය තම සහකාර නළුවන්ට මෙන්ම ඇය සමග රගපෑමට සහභාගි වන නළු නිළියන්ට ඇය ගුරුවරියකි. කැලෑහඳ චිත‍්‍රපටයේ ස්ටැන්ලි පෙරේරා රගපාද්දී ඔහු තුළ ඇතිවූ චකිතය දුටු ඇය ස්ටැන්ලි මේක රගපෑමක් ඒ නිසා ඔයා මා සමග රගපාද්දී බිය විය යුතු නැහැ.

ඇලෝ අයියා කියන පරිදි රගපාන්න. කවදා හෝ ඔයා සිංහල සිනාමවේ දක්‍ෂ නළුවෙක් වෙනවා යැයි පැවසූ බව ස්ටැන්ලි පෙරේරා ඇය ගැන පැවසූ අයුරු මගේ මතකයේ තිබේ. මුල් කාලයේදී චිත‍්‍රපටයක ද්විත්ව චරිත රග පෑ ප‍්‍රථම නිළිය වූයේද රුක්මිණිදේවියයි. ඒ උමතු විශ්වාසය චිත‍්‍රපටයේය. අවශ්‍ය තරමට වඩා මුදල් ඉපැයූ ඇය තමාට චිත‍්‍රපටයක ර`ගපෑමෙන් ලද මුදලින් තම රියදුරුට මෝටර් රථයක් රැුගෙන දීමට තරම් ත්‍යාගශීලී වූවාය..
සිනමාවට ඇති ආදරය නිසා තම ‘‘ජයතේ’’ නිවස උකසට තබා සිරියලතා චිත‍්‍රපටය නිෂ්පාදනය කළාය. එයින් විශාල ආදායමක් ලැබුවද තම නිවස බේරාගැනීම උදෙසා වෙහෙස නොවූ ඇයට සිදුවූයේ තම නිවස අන්සතු කර කුලී නිවාසවල ජීවත්වීමටය.

තම දෙමාපියන්ට දැඩි සේ ආදරය කළ ඇය තමා ආර්ථික වශයෙන් වැටී සිටි සමයක තම මවට ප‍්‍රතිකාර කිරීමට මුදල් ලබා ගැනීම පිණිස මාතර සංගීත ප‍්‍රසංගයකයට සහභාගි වී එමින් සිටියදී රිය අනතුරකින් මෙලෙව හැර ගියාය.

සිංහල සිනමා නිළියක් ලෙසින් ඉන්දියාවේ වැජඹුන කාලයේ ඉන්දීය ප‍්‍රභූවරුන් ගමන්කරනා රථවල සවිකරගෙන යන රාජ්‍ය ධජය සවිකරගෙන ගමන් යෑමට තරම් වාසනාවක් හිමි කරගෙන සිටි ප‍්‍රථම කාන්තාව ශ‍්‍රී ලංකා නිළිය රුක්මණි දේවියය.

ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර කීර්තියට පත් කළ ප‍්‍රථම කාන්තාව රුක්මණිදේවි යැයි ඉතිහාස ගත වී ඇත. 1954 එළිසබෙත් රැජිණි ලංකාවට සැපත් වූ අවස්ථාවේ ඇය පිළිගත් ප‍්‍රථම කාන්තාව රුක්මණිදේවීයය.

ඇය මිය ගිය පසු ඇගේ අවමගුල් උළෙලට මීගමුව පුරවරයට ගැලූ මහා ජනග`ග මේ අසහාය කලාකාරියට දැක්වූ ඉතාමත් ගෞරවාදරය හා ආදරය පිළිබිඹු කරන දසුනක් විය.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න - ප්‍රදේශයම කළු දුමෙන් වැසී ගිහින්
01:32
Video thumbnail
හිටපු ආණ්ඩුකාරවරු ආණ්ඩුවෙන් ඉල්ලපු දේ - කවුරු දිණුවත් ප්‍රශ්නයක් නෑ..පළාත් සභා මැතිවරණය තියන්න
12:12
Video thumbnail
හැමදේම හොරකම් කරන කාලයේ බිම වැටිලා තිබ්බ සල්ලි අයිතිකාරයටම දුන්න උතුම් ක්‍රියාව.."ළමයිට බොහොම පින්."
04:06
Video thumbnail
වචන දෙනකොට හරියට දෙන්න ඕනි..නැත්තම් ගමට එන්න වෙන්නේ නැ - ණය අරගෙන ලොකු ලොකු දෙවල් කරලා
07:41
Video thumbnail
චමරි අතපත්තු සංවේදී වී කිව්ව දේ - ශෂිණි අවාසනාවකට ආබාධයකට ලක්වුණා - එයාට තරඟ කරන්න බෑ
08:23
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13