ශේෂාද්‍රිගෙන් මුහුණු පොතෙන් සැර ප්‍රකාශය “නමට පිරිමි වෙච්ච ලොන්තයො ඉන්නවා”

ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින තවත් එක් සුරූපී රංගන ශිල්පිනියක් තමයි. ඇයගේ පවුලේ සිටින ඇගේ සොයුරියන් දෙදෙනා වන දිනක්ෂි ප්‍රියසාද් සහ ශනුද්‍රි ප්‍රියසාද් යන දෙපළ ද කලා ක්ෂේත්‍රය තුළ බොහෝ වැඩ කටයුතු කරන රංගන ශිල්පීන් දෙපලක් වගේම නර්තන ශිල්පීන් දෙපලක්. ප්‍රියසාද් පවුල ගැන නිරන්තරයෙන්ම සමාජය කතාබහට ලක්වනවා.

ශේෂාද්‍රි ප්‍රියසාද් සිය පළමු විවාහයෙන් වෙන් වී දෙවන වරට විවාහ වූ තරුණියක්. ඇයගේ පළමු විවාහ ජීවිතයේ ඇති වූ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් එම විවාහයට සමුදීම ට ඇයට සිදුවුනා. මේ වන විට දෙවන වරට විවාහ වී සිටින්නේ ඔබ කව්රුත් දන්නා ඩොක්ටර් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වන සහ ගායන ශිල්පියෙක් වන ක්‍රිෂාන් මාලන් පෙරේරා සමගයි.

ඔවුන් දෙදෙනා මේ වන විට වෙනම නිවාසයකට පදිංචිව ගොස් ඇති අතර ශේෂාද්‍රිට ක්‍රිෂාන්ගේ පවුලේ උදවිය ඉතාමත්ම ආදරය කරන බව එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටියා. ඒ වගේම තමයි ක්‍රිෂාන්ට සහ ඇයට ඔවුන්ගේ ආදරයේ දී ඇති වූ යම් යම් අත්දැකීම් නිසා ඔවුන් දෙදෙනා තේරුම් ගැනීමට ඉතාමත්ම පහසු බවත් ඔවුන් දෙදෙනා හොඳ අවබෝධයකින් යුක්තව සිය පවුල් ජීවිතය ගෙන යන බවත් ඇය පවසා සිටිනවා. ඉතින් අද දිනයේ දී ඇය ඇයගේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ඉතාමත්ම සැර ප්‍රකාශයක් කරලා තිබුණා. ඒ තමයි ‘ නමට පිරිමි වෙච්ච සමහර ලොන්තයෝ ඉන්නවා. උන්ගේ තියරියට අනුව උගෙ අම්මයි සහෝදරියයි ඇරෙන්න ලෝකෙ ඉන්න අනෙක් ගෑනු ඔක්කොම බඩු කියලා හිතන් ඉන්නේ ‘ කියල තමයි ඇය ඇයගේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පළ කරලා තිබුණේ.

ඇය එම පෝස්ටුව කුමන අරමුණක් උදෙසා දැමුවාදැයි අප දන්නේ නැහැ. කෙසේ නමුත් ඇයගේ ඉදිරි අනාගත කටයුතු සඳහා සුබ පතනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ ප්‍රථම වතාවට නැන්දම්මටයි මාමන්ඩිටයි ලැබුණ රැග් එක - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42
Video thumbnail
ජනතාවට අගතියක් වෙන කිසිදු තීන්දුවක් මම ගන්නේ නෑ - පොදු ජනතාවට වෙන්නේ සුගතියක්
03:10
Video thumbnail
දැන් ඉන්නේ අපේ පිරිසිදු ටීම් එක විතරයි..සියලුම විකල්ප අත්හදා බැලුවා - සජිත් - ආණ්ඩුවට සැරවෙයි
01:19
Video thumbnail
හැමෝම බය කරන රකුසා ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ගම් නියම්ගම් කරා රකුසා පැතිරෙනවා
04:02