ශෙරිල් රුවන්ගේ පෙම්වතිය වුණ හැටි ප්‍රසිද්ධියේ කියයි

නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ
නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ළඳේ
නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ…

මට මතක විදියට ඒ 2012 අවුරුද්ද. අහම්බෙන් වගේ මට ඒ මියුසික් වීඩියෝ එක දකින්න ලැබෙනවා. ඒත් එක්කම මගේ හිතේ මම එතෙක් රසවිඳපු හැම ගීතයකටම වඩා වෙනස්ම විදියේ කැමැත්තක් තමයි ඇති වුණේ. හරියටම කියනවා නම් ඒ ඇතිවුණ හැඟීම මට අදටත් වචනවලට පෙරළන්න බැහැ. ගොළු කෙනෙක් රාති‍්‍රයක දැකපු සිහිනයක් වගේ. ගොඩක් සුන්දරයි ඒත් ඒ සුන්දරත්වය තව කෙනෙකුට කියන්න බැහැ…

හිත බැඳුණෙ සිංදුවට..

ඒ විදියට හිතේ ඇතිවුණ කැමැත්ත වගේම සතුට නිසා ඒ ගීතය නැවත නැවත අහන්නත් රූප රාමුව නරඹන්නත් මගේ හිත බලකරා. ඒත් එක්කම මේ ගීතය ගායනා කරන්නෙ කවුද ඔහුගෙ වෙනත් ගීත මොනවද කියල හොයල බලන්නත් මම පෙළඹුනා. ඒ පෙළඹවීම නිසාම දවස් කීපයක් ඇතුළත මම රුවන් හෙට්ටිආරච්චි කියන ගායන ශිල්පියාගේ දුරකථන අංකය හොයා ගත්තා මගේ යාළුවෙකුගෙ මාර්ගයෙන්.

මම ඒ අංකය ඔස්සේ ඔහුව ඇමතුවේ රසිකාවියකගෙ ඇමතුම මේ ගායකයා මොන විදියට භාර ගනියිද කියන තිගැස්ම හිතේ රඳවගෙන.

හදවතින්ම සුබපැතුවා..

ඒත් ඒ තිගැස්ම මගේ හිතෙන් පහ වෙලා යන්න ගත වුණේ විනාඩියක තරමේ ඉතාමත් සුළු කාලයක්. තරමක ගැඹුරු හඬකින් ඔහු හෙලෝ කිව්වා. වෙව්ලන හඬින් මම අමාරුවෙන් වචන එකතු කරමින් ‘‘අයියගෙ නොදැක ඉන්න බෑ මියුසික් වීඩියෝ එක ලස්සනයි’’ ඒ වගේ සින්දු තව කරන්න කිව්වා. ඒ සැනින් බොහොම ස්තුතියි නංගි ඔයා කවුද කියල ඇහුවා. ඒ මම අමා ටෙලිනාට්‍යයේ රංගන කටයුතුවලට සහභාගි වෙමින් සිටි කාලය නිසා නම කියූ සැනින් ඔහු මාව පහසුවෙන් හඳුන ගත්ත කියල මම හිතුවා.

දිගින් දිගටම ඇමතුම්

ගතවුණේ සතියයි. ඔහුගෙන් මට ඇමතුමක් ලැබුණා. ඒ සීත මාරුතේ වීඩියෝවට ආරාධනාවකුත් එක්ක. එතෙන්දි මම මගේ බජට් එක මොන වගේ ද කියලත් එක දිගට වීඩියෝවලට සම්බන්ධ වෙන්නෙ නෑ කියලත් ඔහුට කිව්වා. ඒත් තවත් සතියකින් මට ඇමතුමක් ලැබුණා. මේ විදියට දිගින් දිගටම ලැබෙන ඇමතුම් නිසා මගේ හිතෙත් ඔහු ගැන පුංචි පැහැදීමක් ඇති වෙමින් තිබුණා.

හිත ගිය තැන මාලිගාව

කොහොමින් කොහොම හරි ඒ පැහැදීමත් එක්ක මමත් රුවන් හෙට්ටිආරච්චි කියන මේ ගායන ශිල්පියා ගැන හිතන්න පටන් ගත්තා. දවසක් ඔහු ඔහුගේ අදහස කෙලින්ම කිව්වා. මම ඒ වෙලාවෙ කිව්වා මට පිටරට බෝයි ෆ්‍රෙන්ඞ් කෙනෙක් ඉන්නව කියල. ඒ වෙලාවෙ රුවන් කිව්වා නංගි ආදරේ කරන්න තෝර ගන්න ඕන දුර ඉන්න කෙනෙක් නෙමෙයි ළඟ ඉන්න කෙනෙක් කියල. මම හිතන්නෙ හරියට මාසයක් ගත වුණේ නැහැ. දවසක් ඔහු මට දීපු කෝල් එකක් පැය අටක් තරම් දුරදිග ගිහින් අපි බොහෝ දේවල් කතාබහ කර ගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස පෙම්වතුන් වුණා. අර කතාවක් තියෙනව හිත ගිය තැන මාලිගාව කියලා.

නොමිලේම වීඩියෝවට

බජට් කියල ගණන් ඉස්සුවට ඒ වෙද්දි අපි දෙන්නට දෙන්න ආදරේ ප‍්‍රකාශ කරගෙන හුවමාරු කරගෙන ඉවරයි. ආදරවන්තයගෙ නිර්මාණයකට දායක වෙලා කොහොමද ගාස්තුවක් අයකරන්නෙ. මම පේමන්ට් එකක් නොගෙන ඒ වීඩියෝවට පෙනී සිටියා. ඒ ඔහුට තිබුණ ආදරේ නිසා.

දෙපාර්ශ්වයේ විරෝධතා

අපි දැන හඳුනගෙන ගෙවල් දෙකෙන්ම අපේ සම්බන්ධය දැනගෙන අකමැති වෙන්න පස්සෙ කරුණු කාරණා තේරුම් අරගෙන අපිට ආශීර්වාද කරල විවාහය දක්වා යන්න ගත වුණේ මාස තුනක් වගේ කෙටි කාලයක්. මුලින්ම මගේ අම්ම තාත්ත මේ සම්බන්දෙට අකමැති වෙලා තමයි පස්සෙ හොයල බලල කැමැත්ත දුන්නෙ. මම ඒකෙ වැරැුද්දක් දකින්නෙ නෑ. මොකද ඒක හැම අම්ම තාත්ත කෙනෙකුගෙම විදියනෙ. එයාල හැම වෙලාවෙම බයෙන් ඉන්නෙ තමන්ගෙ දරුවන්ට අයහපතක් වෙයි ද කියන එක ගැන. ඒත් රුවන්ගෙ ගෙදරින් මුල ඉඳලම කැමැත්ත තිබුණා.

සරල විවාහ මංගල්‍යයක්

රුවන් කියන්නෙ මම දන්න විදියට කාටවත් කරදරයක් නොවෙන බොහොම සරල ගතිපැවතුම් තියෙන පාඩුවේ ජීවත් වෙන චරිතයක්. එයාට නරකයි කියන කෙනෙක් නැහැ. ඒ ඇත්ත මගේ ගෙදරට ඉක්මනට තේරුම් ගන්න පුළුවන්කම ලැබුණා. ඒ අනුව අපි දෙන්නා බොහොම චාම් විවාහ උත්සවයක් අරන් එක වහලක් යටට ආවා.

දෛවයට අනුව හිමිකම

මම විශ්වාස කරන දෙයක් තමයි හොඳ හෝ නරක ඕනම දෙයක් අපිට උරුම වෙන්නෙ දෛවයට අනුව කියන එක. ඒ අනුව තමයි සිංදුවකට ආස හිතිල වැඩි වාර ගණනක් ගීතය රසවිඳල ගායකයා කවුද කියල හොයාගෙන දුරකථනය ඔහුට සුබ පතන්න මට හිතෙන්න ඇත්තෙ.

පී‍්‍රතිමත් ජීවිතයක්

මම කියන්නෙ නෑ මේ ලෝකෙ ඉන්න ආදරණීයම යුවළ අපි දෙන්න කියල. ඕනම ගැහැනියක් පිරිමියෙක් එකට එකතු වෙලා ජීවත් වෙද්දි සිත්රිදීම් නොහොඳ නෝක්කාඩු සිද්ධ වෙන්නෙ දෙන්නට දෙන්න නොදැනුවත්ව. ඒකට ලොක-ු කාලයක් ගත වෙන්නෙත් නැහැ. රුවන්ට එදා වගේම අදටත් පුංචි දේකටත් කේන්ති යනව. හැබැයි ආයෙ සෙට්ල් වෙන්න යන්නෙ විනාඩියයි. ආදරේ කරන කාලෙ ඒ දේවල් ඉවසගෙන හිටියට අද මටත් කේන්ති යනව. ඒ කියන්නෙ මට දැන් ඔහු හිමිවෙලා ඉවරයිනෙ.

හෙට දවසෙත් මගේ පැතුම ඔහු

ඒත් දවසින් දවස ජීවිතේ ගැන අවබෝධ වෙද්දි හිතෙනව මේ ආත්මෙ හිමිවිය යුතු හොඳම කෙනා ලැබුණ වගේ සසර පුරාම ඔහු මගේම වෙන්න කියල.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23