ශූරයින්ගේ කුසලානයේ දී ඉන්දීය නායකත්වයේ වෙනසක්

එළඹෙන ශූරයින්ගේ කුසලානයේ දී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය සඳහා විකල්ප සෙවීමට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවට සිදුවනු ඇති බව එරට ක්‍රීඩා වාර්තා සඳහන් කරනවා.

මේ අතර වත්මන් ඉන්දීය එක්දින නායක රෝහිත් ෂර්මා එම තරගාවලියට පෙර නායකත්වයෙන් ඉවත් වුවහොත් ශූරයින්ගේ කුසලානයේ දී ඉන්දියාව මෙහෙයවීම හර්දික් පාණ්ඩ්‍යා වෙත පැවරෙනු ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

මේ වනවිට ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා එක්ව සිටින ශර්මාගේ ක්‍රිකට් දිවියේ 2024 වසරේ අවසන් කාලය එතරම් සාර්ථක එකක් වූයේ නැහැ.

ඒ, හේතුවෙන් ඔහු මෙම ටෙස්ට් තරගාවලියෙන් පසු; ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට ද ඉඟි පළකර තිබෙනවා.

මෙවන් තත්ත්වයක ඔහු අද (03) ආරම්භ වූ පස්වන සහ අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට නොහැකි බවට පවසා ඇත්තේ විවේකයක් අවශ්‍ය බව පවසමින්.

ඉන්දියාව විස්සයි විස්ස ලෝක කුසලානයට ඔසවා තැබීමෙන් පසු රෝහිත් පසුගිය 2024 වසරේ ජුනි මාසයේ දී විස්සයි විස්ස ආකෘතියෙන් විශ්‍රාම ගත් අතර, ඊට මාසයකට පසුව සූර්යකුමාර් යාදව් එහි පාලනය භාරගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20