ශිෂ්‍යත්වය ලියූ ඇතැම් දරුවන් හැඬූ කඳුළින්ම විභාග ශාලාවලින් එළියට

කොවිඩ් වසංගතය හමුවේ අවස්ථා කිහිපයකදී  කල්දැමුණු 2021 වර්ෂයට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (22) පැවැත්වුණි.

සෑම වසරකම අගෝස්තු මාසයේ සාමාන්‍ය පරිදි පැවැත්වීමට නියමිතව ඇති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කොවිඩ් වසංගතය හේතුවෙන් කල්දැමීමට සිදුවී තිබුණි.

ඒ අනුව අද දිනයේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් ඇතැම් ප්‍රදේශවල දරුවන් විභාග ශාලාවලින් පිටතට පැමිණ තිබුණේ හඬා වැටෙමිනි.

වැලිමඩ අධ්‍යාපන කලාපයට අයත් විජය විද්‍යාලයේ පැවති විභාග මධ්‍යස්ථානයේ පළමු ප්‍රශ්න පත්‍රය නියමිත වේලාවට සිසුන් හට ලබානොදුන් බවත් නමුත් එය නියමිත වේලාවට එකතු කළ බවත් දරුවන් පැවසීය.

ඒ හේතුවෙන් විභාගයට පිළිතුරු ලිවීමට ප්‍රමාණවත් කාලයක් නොලැබුණු නිසා දරුවන් එළෙස හඬාවැටෙමින් විභාග ශාලාවලින් පිටතට පැමිණ තිබුණි.

ඇතැම් දරුවන් පවසා සිටියේ පිළිතුරු ලියමින් සිටියදී ප්‍රශ්න පත්‍රය උදුරා ගත් බවය.

කටුකොළ ඉල්ලීමේදී බැන වැදුණු බවද ඇතැම් දරුවන් පැවසීය.

මේ හේතුවෙන් දෙවම්පියන් සාධාරණයක් ඉල්ලා වැලිමඩ බදුල්ල ප්‍රධාන මාර්ගය හරස් කරමින් විරෝධතාවයක ද නිරත වුණි.

දරුවන් 150කට පමණ මෙම අසාධාරණය සිදුවී ඇති බවද දෙමව්පියන් චෝදනා කරයි.

දෙමව්පියන් විසින් වැලිමඩ කලාප අධ්‍යක්ෂ රෝහිත අමරදාස මහතා හමුවී සිද්ධිය පිළිබඳ සාකච්ඡා කිරීමට උත්සාහ ගෙන තිබුණත් ඔහු එය මඟහැර යන ආකාරයක් දැකගත හැකිවූ බව අප වාර්තාකරු පැවසීය.

පසුව කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණි දෙවම්පියන්ට රෝහිත අමරදාස මහතා පවසා තිබුණේ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබලා පියවරක් ගන්නා බවය.

මේ අතර නාගොඩ ප්‍රාථමික විද්‍යාලයේදී ද එවැනිම සිදුවීමක් වාර්තා වී තිබුණි.

මෙවර විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් අපේක්ෂකයන් 255,062ක්, දමිළ මාධ්‍ය අපේක්ෂකයන් 85,446ක් ඇතුළුව අපේක්ෂකයෝ 340,508ක් ශිෂ්‍යත්ව විභාගය සඳහා මෙවර පෙනී සිට තිබුණි.

ඒ විභාග මධ්‍යස්ථාන 2,943කදී සහ විශේෂ මධ්‍යස්ථාන 108කදීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36