ශිෂ්‍යත්ව විභාගය අතර අනතුරට ලක්වූ සිසුවෙකුට පොලිසියෙන් පිහිටක්

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියදී හදිසි අනතුරකට ලක්වූ සිසුවකුට පොලිස් නිලධාරියෙකුගේ ක්ෂණික මැදිහත්වීම මත යළි විභාගයට පෙනී සිටීමට හැකි වීමේ සිදුවීමක් බොරලැස්ගමුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

බෝකුන්දර මහින්ද කනිෂ්ඨ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ දරුවෙක් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සඳහා බොරලැස්ගමුව‍ මහා විද්‍යාලයේ විභාග ශාලාව වෙත පැමිණ පළමු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියා අවසන් කර ලැබුණු විවේකයේ දී වැසිකිළියට දිව යාමේ දී පය පැටලී ඇද වැටි අනතුරට ලක්ව තිබුණා.

තවත් සිසුවෙකු සමග වැසිකිළියට යාම සඳහා දිව යාමේ දී ගොඩනැගිල්ලේ කෙලවර පය පැටලී වැටී හිස තුවාල වීම හේතුවෙන් මෙම දරුවා බියට පත් ව හඬා වැළපී තිබෙනවා.

එම අවස්ථාවේ දී විභාග ආරක්ෂක රාජකාරි සඳහා පැමිණ සිටි පොලිස් නිලධාරියෙකු දරුවා අස්වසා විභාග ශාලාධිපතිවරයා දැනුවත් කර ඔහුගේ අවසරය මත තමාට අයත් මෝටර් රථයෙන් තුවාල ලැබූ දරුවා කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහල වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබාදී තිබෙනවා.

මෙම දරුවා මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අයෙක් බැවින් ක්ෂණිකව ප්‍රතිකාර ලබාදෙන ලෙසටයි එම පොලිස් නිලධාරියා ඉල්ලීමක් කර ඇත්තේ.

එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ වෛද්‍යවරුන් දරුවාට ක්ෂණිකව ප්‍රතිකාර ලබාදී තිබුණා.

ඒ අනුව යළිත් දරුවා විභාග ශාලාව වෙත රැගෙන ඒමට උප පොලිස් පරීක්ෂකවරයා කටයුතු කළ අතර එම කාලය තුළ විභාග ශාලාධිපතිවරයා අවශ්‍ය වගකිව යුතු ස්ථානවලට දුරකථනයෙන් අමතා අනතුරට ලක් වූ දරුවා වෙනුවෙන් අමතර කාලයක් ලබාගෙන ඔහුට අසාධාරණයක් නොවන ලෙස කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14