spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශිෂ්‍යත්ව විභාගය අතර අනතුරට ලක්වූ සිසුවෙකුට පොලිසියෙන් පිහිටක්

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියදී හදිසි අනතුරකට ලක්වූ සිසුවකුට පොලිස් නිලධාරියෙකුගේ ක්ෂණික මැදිහත්වීම මත යළි විභාගයට පෙනී සිටීමට හැකි වීමේ සිදුවීමක් බොරලැස්ගමුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

බෝකුන්දර මහින්ද කනිෂ්ඨ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ දරුවෙක් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සඳහා බොරලැස්ගමුව‍ මහා විද්‍යාලයේ විභාග ශාලාව වෙත පැමිණ පළමු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියා අවසන් කර ලැබුණු විවේකයේ දී වැසිකිළියට දිව යාමේ දී පය පැටලී ඇද වැටි අනතුරට ලක්ව තිබුණා.

තවත් සිසුවෙකු සමග වැසිකිළියට යාම සඳහා දිව යාමේ දී ගොඩනැගිල්ලේ කෙලවර පය පැටලී වැටී හිස තුවාල වීම හේතුවෙන් මෙම දරුවා බියට පත් ව හඬා වැළපී තිබෙනවා.

එම අවස්ථාවේ දී විභාග ආරක්ෂක රාජකාරි සඳහා පැමිණ සිටි පොලිස් නිලධාරියෙකු දරුවා අස්වසා විභාග ශාලාධිපතිවරයා දැනුවත් කර ඔහුගේ අවසරය මත තමාට අයත් මෝටර් රථයෙන් තුවාල ලැබූ දරුවා කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහල වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබාදී තිබෙනවා.

මෙම දරුවා මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අයෙක් බැවින් ක්ෂණිකව ප්‍රතිකාර ලබාදෙන ලෙසටයි එම පොලිස් නිලධාරියා ඉල්ලීමක් කර ඇත්තේ.

එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ වෛද්‍යවරුන් දරුවාට ක්ෂණිකව ප්‍රතිකාර ලබාදී තිබුණා.

ඒ අනුව යළිත් දරුවා විභාග ශාලාව වෙත රැගෙන ඒමට උප පොලිස් පරීක්ෂකවරයා කටයුතු කළ අතර එම කාලය තුළ විභාග ශාලාධිපතිවරයා අවශ්‍ය වගකිව යුතු ස්ථානවලට දුරකථනයෙන් අමතා අනතුරට ලක් වූ දරුවා වෙනුවෙන් අමතර කාලයක් ලබාගෙන ඔහුට අසාධාරණයක් නොවන ලෙස කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
0
+1
3
+1
4
+1
2
+1
8
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?