“ශිෂ්‍යත්ව විභාගයට සියලු කටයුතු සූදානම්” – විභාග කොමසාරිස් ජනරාල්

එළඹෙන සැප්තැම්බ‍ර් 15 වනදා පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය නිමිත්තෙන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර විසින් මාධ්‍ය හමුවක් පවත්වා තිබෙනවා.

පෙරවරු 9.30ට විභාගය ආරම්භ වන අතර මෙවර විභාග අපේක්ෂකයන් 3,23,879 ක් ඉදිරිපත්වන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටින්නේ.

ඒ අතුරින් දෙමළ මාධ්‍ය සිසුන් 79,000 සහභාගී වන බවත් විභාග මධ්‍යස්ථාන 2,849 පිහිටුව තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළා.

ආරෝග්‍යශාලා යොදා ගනිමින් ද විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඊයේ (12) දින මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රශ්න පත්‍ර සම්බන්දීකරණ මධ්‍යස්ථාන වෙත නිකුත් කර තිබෙනවා.

මේ වන විට විභාගය පවත්වන්න සියල්ල සූදානම් බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා මාධ්‍ය හමුවේ දී කියා සිටියේ.

සෑම පාසලකටම පොලිස් ආරක්ෂාව ලබා දීමට ද කටයුතු සූදානම් බව විභාග කොමසාරිස්වරයා ප්‍රකාශ කර සිටියා.

උතුරු පළාතේ ප්‍රශ්න පත්‍ර ප්‍රවාහනය කිරීමට නාවික හමුදාවේ සහාය ලබා ගෙන තිබෙනවා.

විභාගයට පෙනී සිටින දරුවන් සියලු දෙනා ප්‍රථමයෙන් තමන්ගේ පාසල වෙතගොස් අදාළ පාසලේ ගුරුවරුන් සමගින් විභාග මධ්‍යස්ථානයට යා යුතු බවත් මෙවර මෙම විභාගය සඳහා ප්‍රවේශ පත්‍රයක් නිකුත් කර නොමැති බවත් මෙම මාධ්‍ය හමුවේ දී අදහස් පළ වුණා.

විභාගයට පෙනීසිටින විටදී කලු හෝ නිල් පෑන් පමණක් භාවිත කරන මෙන් ද පැන්සලෙන් ලිවීමට අවශ්‍ය දරුවන්ට එම ක්‍රමවේදය භාවිතා කළ හැකි බවද විභාග කොමසාරිස්වරයා කියා සිටියා.

ස්මාර්ට් ඔරලෝසු, කතුරු සහ ෆයිල් කවර විභාග මධ්‍යස්ථානයට ගෙන යාමට ඉඩ නොදෙන බවයි එම මාධ්‍ය හමුවේ දී අදහස් පළ වුණේ.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ විභාග කොමසාරිස්වරයා කියා සිටින්නේ, දරුවන්ට බාධා වන අයුරින් මැතිවරණ ප්‍රචාරක කටයුතු නොපවත්වන ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05