ශිෂ්‍යත්ව පේපරයක් පිටවීම ගැන CID යෙන් පරීක්ෂණ – උත්තර පත්‍ර සමීක්ෂණයත් නවතී (වීඩියෝ)

පසුගිය ඉරිදා නිමාවට පත් වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයක් විභාගය පෙර පිට වී ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

අද (20) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මේ බව සඳහන් කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයේ ප්‍රතිඵලය අනුව එවැනි ආකාරයට ප්‍රශ්න පත්‍රයක් විභාගය පෙර පිට වී ඇති බවට තහවුරු වන්නේ නම් නැවත වරක් විභාගය පැවැත්වීමට කටයුතු කිරීමට හැකි බව ද ලේකම්වරිය මෙහිදී පැවසුවා.

මේ අතර විභාගයට පෙර සම්මන්ත්‍රණ, උපකාකර පංති ආදිය පැවැත්වීමට නියෝග කර තිබියදීත් එම කාලය තුළ ඇතැම් උපකාරක පංති ගුරුවරුන් උපකාකර පංති සහ සම්මන්ත්‍රණ පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර සමීක්ෂණය තාවකාලිවක අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ද ඇය මෙහිදී පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ මිනිස්සු මේ වගේ චිත්‍රපට කවදාවත් බලලා නෑ
04:23
Video thumbnail
අධිකරණය පැලවත්තට හැරෙනවා - කරුමය ගෙවන්න වෙන්නේ ජනතාවට..අපිට පුළුවන් උපරිමය අපි කළා
01:30
Video thumbnail
ජනපති එනවා කියලා ලයිසන් තුවක්කු පොලිසියට බාරදෙන්න කියලා - මේක මහ විහිළුවක්
02:00
Video thumbnail
මරික්කාර්ගේ අභද්‍ර වචනය ගැන කළබල වෙන්න ඕනි නෑ - අපිට විපක්ෂ නායක ගැන විශ්වාසයි
03:40
Video thumbnail
"ඉතිහාසයේ කවදාවත් නොවුණු පුදුමාකාර දෙයක් වෙලා තියෙන්නේ"
00:22
Video thumbnail
කාටත් හොරා විදේශ රටකින් ආනයනය කළ බදු නොගෙවූ සිගරට් තොගයක් කොටුවෙයි
01:01
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ බද්දේගම රත් කළ වෙ# වරුසාව - මෙන්න CCTV දර්ශන එළියට..
01:18
Video thumbnail
යුද හමුදාවට රටේ බලය දීම ගැන දොලවත්තගෙන් හෙළිදරව්වක් - හමුදාවට පුරුදු නෑ මිනිස්සු එක්ක ගණුදෙනු කරලා
07:45
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
අවු:20කින් හාරපු නැති ඇළක අනවසර ඉදිකිරීම ගොඩක් කරලා - ඉවත් කිරීමේදී මිනිස්සුන්ගෙන් චෝදනා
04:19