ශිරෝෂි රොමේෂිකා ගේ ආදරණීය කැඳැල්ලේ තොරතුරු

ශිරෝෂි රොමේෂිකා කියන්නේ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ආකාර්ෂණය දිනාගත් සුරූපී දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය නර්තනයෙනුත් දක්ෂතා ප්‍රකට කර තිබෙනවා. කොහොම නමුත් ශිරෝෂි මේ දිනවල නම් පුංචි තිරය තුළින් දකින්න ලැබෙන්නේ නැහැ. මේ ඒ පිළිබඳව වගේම තමන්ගේ ජීවිතේ අලුත් තොරතුරු ගැනත් ශිරෝෂි කතාකලා.

දැන් ඉතින් ජීවිතේ වෙනස්. අම්මා කෙනෙක් වුණාට පස්සේ ගොඩක් වගකීම් දරන්න වෙනවා. මේ දවස්වල දුව වෙනුවෙන්ම තමයි කැපවෙලා ඉන්නේ. මට දැන් පුංචි දෝනි ඉන්නවා. දුවගේ නම මෙරිසා අමාෂි පෙරේරා. එයාගේ දැන් වයස අවුරුද්දයි මාස දෙකයි. එයා දැන් හොඳටම දඟයි. එයාගේ දඟ වැඩ හුරතල් වැඩ බලබලා මම එයත් එක්ක ඉන්නවා.  මුලින්ම නම් මම ආසාවෙන් හිටියේ පුතෙකුට. දැන් නම් හිතෙනවා දුවෙක් හොඳයි කියලා. පුතාලා නම් අම්මලත් එක්ක හුරතල් වෙන්නේ පොඩි කාලේ විතරයිනේ. හැබැයි කෙල්ලෝ එහෙම නෑ.හැමදාම එයාලගේ හුරතලේ අඩුවෙන්නේ නෑ. බැන්දත් එයාලට අම්මගේ අවශ්‍යතාව තියෙනවා. 

දුව මං වගේ කියලා නම් කියන අය අඩුයි. හැමෝම කියන්නේ කෙල්ලෙක් වුණත් දුව අමල්ගේ පොඩි කාලේ වගේ කියලා. එක්කෙනෙක් දෙන්නෙක් තමයි කියන්නේ දුව මං වගේ කියලා. හැමදේම කරලත් දුව මං වගේ නෑ කියන කොට පොඩි දුවකුත් තියෙනවා. දුව අමල් වගේ කියද්දි එයාට නම් ගොඩක් සතුටුයි. අම්මෝ කලාවට පුදුම ළැදියාවක් තියෙන්නේ. සින්දුවක් ඇහේද්දී එක විදිහකට ඉන්නේ නෑ. ඩාන්ස් කරනවා. තාලෙට සින්දු කියනවා. දැනට නම් එයා ගායනයට ගොඩක් ළැදියි වගේ පේනවා. අමල් වුණත් හරි සතුටුයි. එයා වගේ වැඩ කරද්දි. මම එයාගේ නිදහසට ඉඩ දෙනවා. එයා ලොකු වෙද්දි යන්න අවශ්‍ය ක්ෂේත්‍රය තෝරා ගනියි. එයා කැමති හොඳ ක්ෂේත්‍රයක ඉදිරියට යන්න මම මඟ පෙන්වනවා. 

එයා එයාගේ වැඩ ටික කරගෙන ඉන්නවා. දුව ගැන එයා බලනවා. ඒත් එයාගේ වැඩත් එක්ක දුව වෙනුවෙන් කට්ට කන්න මම බල කරන්නේ නැහැ. එයාට දෙපැත්තක් බලන්න තියෙනවානෙ. කොහොමත් ඉතින් දරුවෝ වෙනුවෙන් තාත්තට වඩා කට්ට කන්නේ අම්මලානේ. දුව වෙනුවෙන් ඒ මහන්සිය කොහොමත් වෙන්න ඕනි. එයාලත් නංගිට ආදරෙයි. එයාලට දුවව නිතර දකින්න ලැබෙන්නේ නෑ. වීඩියෝ කෝල් වලින් කතාකළාම දුවත් හායි බායි කියලා ප්‍රතිචාර දක්වනවා. ශිරෝෂි රංගනයෙන් ඈත් වෙන්නේ අමල්ගේ අකමැත්තක් නිසාද? එයත් ටිකක් විතර අකමැතියි මම රඟපානවට. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
00:00
Video thumbnail
"ම#න්න තරම් මගේ අයියා කරපු වරද මොකක්ද ?"එළොව ගිය බන්ධනාගාර රැඳවියාගේ ඥාතීන් ඇවිත් සියල්ල හෙළිකරයි
06:35
Video thumbnail
අනුරව හොයාගෙන අපි එනවා - තිස්සකුට්ටි අනතුරු අඟවයි
05:02
Video thumbnail
පුන්නක්කු කන පිරිස පැලවත්තෙන් නඩත්තු කරනවා
11:53
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:05:43
Video thumbnail
සුගීශ්වරට ගොමෙන් ගැහුවේ පැලවත්තේ කට්ටිය ද..?
03:21
Video thumbnail
රටේවත් ලෝකේවත් සාම විනිසුරුවරුන්ට වයස් සීමාවක් නෑ..වයස අවු: 75හේ වයස් සීමාව අයින් කරන්න
02:55
Video thumbnail
පච අනුර අපිට එපා - තිස්සකුට්ටි පාරට බහී
01:52
Video thumbnail
අල්ලස් කොමිසමට ආ මෛත්‍රී එළියට ඇවිත් කිව්ව අමුතු කතාව
16:41
Video thumbnail
"හොර හැත්ත ආවොත් හොඳට සලකලා යවන්න"..සුගීෂ්වර ඇතුළු සෙට් එකව ගමේ මිනිස්සු හූ කියලා එලවයි..
05:22