ශාෆ්ටර්ගේ මරණයේ රස පරීක්ෂක වාර්තාව පංච පුද්ගල වෛද්‍ය කමිටුවක් වෙත යොමුකරන ලෙස නියෝග

ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ මරණයට අදාළව සිදුකළ පරීක්ෂණවලදී ඉදිරිපත් වී තිබෙන රජයේ රස පරීක්ෂක වාර්තාව එම මරණයට හේතු සෙවීම සඳහා පත් කළ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව වෙත යොමු කළ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියෝග කළා.

අදාළ මරණ පරීක්ෂණය අද (04) කැඳවූ අවස්ථාවේ දී මියගිය අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය විසින් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත මෙම නියෝගය නිකුත් කළා.

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම මරණකරුගේ දෑත් බැඳ තිබූ ටයි පටියකින් සිදු වූ තුවාල පිළිබඳව රජයේ රස පරීක්ෂක වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළා.

එම වාර්තාව විමර්ශන කටයුතු සඳහා පංච පුද්ගල වෛද්‍ය කමිටුව වෙත යොමු කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළා.

ඒ, අනුව අදාළ නියෝගය නිකුත් කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම පරීක්ෂණය යළි ලබන 24 වනදා කැඳවන ලෙස නියෝග කලා.

ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ මරණයට හේතුව නිගමනය කිරීම සඳහා මහේස්ත්‍රාත්වරිය විසින් අධිකරණ වෛද්‍ය හා වොහාරික විශේෂඥ වෛද්‍යවරුන් ගෙන් සමන්විත පංච පුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

එම කමිටුව මේ වන විට විමර්ශන සිදුකරමින් සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46