ශාරුක් නොඑන බව කියූ උත්සවයට රිතික් එන බව කියයි

කොළඹ “සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා” පරිශ්‍රයේ නව කැසිනෝ ශාලාව විවෘත කිරීමේ උත්සවය සඳහා බොලිවුඩයේ සුපිරි නළුවකුවන රිතික් රෝෂන් සහභාගී වීමට නියමිත බව වාර්තා වනවා.

අගෝස්තු 02 වනදා පැවැත්වෙන එම උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් රිතික් රෝෂන් ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත්තේ.

මෙම කැසිනෝ ශාලාව විවෘත කිරීමේ උත්සවයේ විශේෂ ආරාධිතයා වශයෙන් බොලිවුඩයේ සුපිරි නළු ශාරුක් ඛාන් සහභාගී වන බවට මීට පෙර දැනුම් දී තිබුණා.

කෙසේ වෙතත් පසුව ඔහු මෙම අවස්ථාවට නොපැමිණෙන බවයි දැනුම් දුන්නේ.

නොවැළැක්විය හැකි පෞද්ගලික හේතුවක් මත තමන්ට එම උත්සවයට සහභාගී වීමට නොහැකි බවයි ශාරුක් ඛාන් පවසා තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23
Video thumbnail
ආණ්ඩුව රටම නොමඟ යවලා - ගල් අඟුරු වංචාව DV චානක හෙළිකරපු දේ
03:15
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30