ශාරුක් ඛාන්ගේ පුතුට අධිකරණයෙන් අද ලබාදුන් නියෝගය

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් සුපිරි නළු ශාරුක් ඛාන්ගේ පුතු බන්ධනාගාර ගළ අතර ඔහුට මේ වනවිට ඇප ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් ඉන්දීය මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත් අඩංගුවට ගැණුනේ පසුගිය තුන්වැනිදායි.

ශාරුක් යනු යහපත් ජීවිත පැවැත්ම නිසා ප්‍රතිරූපයක් ගොඩනගා ගත් කලා කරුවෙකි.

හෙණයක් වැදුනාක් බඳු මේ සිද්ධිය නිසා ඉන්දියාවේ ශාරුක් රසිකයන් කම්පනයට පත් වූයේය. ශාරුක් ගේ පුත් ආර්යන් ඛාන් අත්අඩංගුවට පත් වන්නේ මුම්බායි නගරය ආසන්න මුහුදේ සුඛෝපභෝගී නෞකාවක පැවති සාදයක දීය.

ඒ අත්අඩංගුවට ගැනීම් කරන්නේ ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසිනි.

ශාරුක් ඛාන්ගේ පුත් ඇතුලු තවත් අටදෙනෙක් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය.

සති දෙකකට ආසන්න කාලයක් බන්ධනාගාර ගතව සිටි ශාරුක්ගේ පුතුට අද ඇප හිමිව තිබෙනවා.