ශානි සහ සුගත් මුදාහරින්නැයි නියෝග

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් යන මහත්වරුන් ගම්පහ මහාධිකරණය හමුවේ ඇප කොන්දේසි සම්පූර්ණ කර තිබේ. 

ඊයේ (16) දිනයේ අභියාචනාධිකරණය ඔවුන්ට නියම කළ ඇප කොන්දේසි අද දිනයේ එලෙස සම්පූර්ණ කළ බව ‘අද දෙරණ’ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය. 

ඒ අනුව ශානි අබේසේකර මහතා මුදා හරින ලෙස වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාටත්, සුගත් මෙන්ඩිස් මහතා මුදාහරින ලෙස මහර බන්ධනාගාර අධිකාරීවරයාටත් ගම්පහ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ. 

අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ රත්නප්‍රිය ගුරුසිංහ යන මහත්වරුන් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුට රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහරින ලෙස නියෝග කර තිබුණි. 

එම මුදල් සහ ශරීර ඇපවලට අමතරව සැකකරුවන් දෙදෙනාගේ ගුවන් ගමන් බලපත්‍ර ගම්පහ මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අභියාචනාධිකරණ නියෝගයේ සඳහන් වේ. 

ඒ අනුව අද දිනයේ ශානි අබේසේකර මහතාගේ ඇපකරුවන් ලෙස ඒ මහතාගේ සොහොයුරන් දෙදෙනෙක් සහ සුගත් මෙන්ඩිස් මහතාගේ ඇපකරුවන් ලෙස ඒ මහතාගේ බිරිඳ සහ පුත්‍රයා ඇප කොන්දේසි සපුරාලීමට කටයුතු කර තිබේ. 

අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමඟ යැවීමේ චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ ඇඹිලිපිටිය පොලීසියට අනියුක්තව සේවය කළ සුගත් මෙන්ඩිස් යන සැකකරුවන් දෙදෙනා මාස 10 කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.  



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36