ශානි පැවරූ නඩුවට, හිටපු පොලිස්පති සහ ආරක්ෂක ලේකම් වෙනුවෙන් නීතිපති සහාය නැහැ

සිය වැඩතහනම් කිරීමට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ හිටපු ආරක්ෂ ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන අය වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

මෙම පෙත්සම අද (29) එස්. තුරෙයිරාජා, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න සහ හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන අය වෙනුවෙන් මින් ඉදිරියට නීතිපතිවරයා පෙනී නොසිටින බව සඳහන් කළා.

ඒ, අනුව එම වගඋත්තරකරුවන්ට පෞද්ගලික නීතිඥවරු ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙන බවත් මෙහිදී විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නා.

ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම 2025 පෙබරවාරි මස 03 වනදා තෙක් කල් තැබුණා.

2019 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ තමන්ව ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස මාරුකර ඉන් අනතුරුව සිය වැඩතහනම් කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශානි අබේසේකර විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

  1. ඕකුන්ව ඔහොම හුරතල් කරන්න ඕනද පට්ට හොරු වගේම පට්ට අපරාද කාරයෝ රණවිරැ ලේබලයේ සැඟ වෙලා කරපු අපරාද හොරකම් තක්කඩි කම් ස්ත්‍රී දුෂණ කොපමණ තියේද

  2. කමල් ගුණෙයගෙයි සීඩී වික්‍රමරත්න යගෙයි අහවල් දෙක එකට ගැට ගහලා පයිකොටව්ලා පයිය වල් මල් කතුරෙන් මුලින්ම කපලා දාන්න් ඕනි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36