ශානි අබේසේකර යළි රිමාන්ඩ්

රිමාන්ඩ් බාරයේ පසුවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ඇතුලු සැකකරුවන් තිදෙනා යලි රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුනා

මාර්තු 31 වෙනිදා දක්වා ඔවුන් රිමාන්ඩ් බාරයේ තබන ලෙසයි ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (17) නියෝග කලේ.

අසත්‍ය සාක්ෂි නිර්මානය කර අධිකරණය නොමග හැරීම ඇතුලු චෝදනා සම්බන්ධයෙන්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ඇතුලු සැකකරුවන් තිදෙනා රිමාන්ඩ් බාරයේ පසුවෙනවා.

සැකකරුවන් තිදෙනාව බන්ධනාගාරය මගින් අධිකරණය හමුවට ඉදිරිපත් කර නොතිබුනි.