ශාන්තිකර්මයක් කරන්න පැමිණි යකැදුරා නිවසේ සිටි කාන්තාවන් දෙදෙනෙක්ට යකා පෙන්නලා

හැලිඇළ පොලිස් වසමේ බෝගොඩ, ලන්දේවෙල ප්‍රදේශයේ නිවසක ශාන්තිකර්මයක් සිදුකිරීමට පැමිණි යකැදුරෙකු විසින් නිවසේ සිටි කාන්තාවන් දෙදෙනෙක් දූෂණය කර ඇතැයි වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, නිවසේ තිබු දෝෂයක් ඉවත් කිරීම සඳහා ගෙහිමියන් විසින් යකැදුරා ගෙන්වා ඇති බවය.

නිවසට පැමිණි යකැදුරා ඊයේ (31) අලුයම ශාන්තිකර්මය සිදුකරන අතරතුර, නිවසේ සිටි සියලුම පිරිමි පුද්ගලයින්ට නිවසෙන් ඉවත්ව අසල ප්‍රදේශවල මංසන්ධිවලට ගොස් සිටින ලෙස දන්වා තිබේ.

පසුව පිරිමි පුද්ගලයින් නිවසින් පිටව ගිය අවස්ථාවේ දී ශාන්තිකර්මය සිදුකරන මුවාවෙන් නිවසේ සිටි 45 හැවිරිදි කාන්තාවකට හා 19 හැවිරිදි තරුණියකට ලිංගික අතවර සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් හාලිඇළ පොලීසියට ලද පැමිණිල්ලක් මත අදාළ යකැදුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු 46 හැවිරිදි මැදිරිගිරිය, අඹගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, අද (01) දින බදුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59