“ශ්‍රී ලාංකිකයන් අපට ඇස් 35,000ක් පරිත්‍යාග කළා..’ පකිස්තානු අක්ෂි වෛද්‍යවරයා කියන සත්‍ය කතාව..

ශ්‍රී ලාංකිකයන් අපට ඇස් 35,000ක් පරිත්‍යාග කර තිබුණ ද අපට පෙනීම නැති වී තිබෙනවා. පාකිස්තානයේ ප්‍රමුඛතම අක්ෂි වෛද්‍යවරයෙක් කියයි. මෙරටින් ලොව විවිධ රටවලට සිදු කෙරෙන අක්ෂි දාන ක්‍රියාවලිය තුළ දී ශ්‍රී ලංකාවෙන් වැඩි ම අක්ෂි දන් දෙන රට වන්නේ පාකිස්තානයයි.

මේ අනුව 1967 වර්ෂයේ සිට අවම වශයෙන් ඇස් 35,000ක් ලැබී ඇති බව එරට ප්‍රමුඛතම අක්ෂි වෛද්‍යවරයකු වන වෛද්‍ය නියාස් බ්‍රෝහි පවසනවා. නමුත් එලෙස ලැබුණු ඇස්වලින් සිය වර්ගයා නිවැරදි දැක්මක් ඇතිකර නොගැනීම අතිශය ඛේදජනක සිදුවීමක් බවයි ඔහු අවධාරණය කරන්නේ.

පසුගිය සිකුරා දා සියල්ට්හි සිදු වූ මිනිසත්කමට නිගාදෙන ම්ලේච්ඡ ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලාංකිකයෙකු මියගිය පුවත දැනගැනීමෙන් තමන් අතිශය ලජ්ජාවට පත් වූ බවත් ඒ මොහොතේ තම හිස සඟවා ගන්නට තැනක් සෙවූ බවත් ඔහු පවසනවා. මෙම පරිනත විශේෂඥ වෛද්‍යවරයා ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ පාකිස්තාන නියෝජිතයා ලෙස වසර ගණනාවක් කටයුතු කර තිබෙනවා.

පසුගිය සිකුරා දා ශ්‍රී ලාංකිකයකු වන ප්‍රියන්ත කුමාරට සියල්කොට්හි දී අන්තවාදී මැර පිරිසක් විසින් එල්ල කළ කෲර ප්‍රහාරය හේතුවෙන් සිදු වූ මරණය සම්බන්ධයෙන් නියාස් බ්‍රෝහී සිය ශෝකය ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට ලිඛිතව දන්වා තිබෙනවා.

කරච්චි හි සුප්‍රසිද්ධ ස්පෙන්සර් අක්ෂි රෝහලේ හිටපු ප්‍රධානියෙකු වන බ්‍රෝහි මේ වනවිට අක්ෂි කෝනියා බද්ධ කිරීම් රාශියක් සිදු කර ඇති වෛද්‍යවරයෙක්. පාකිස්තානයේ ඩිජිටල් නාලිකාවක් වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ ශ්‍රී ලංකාව ලෝකයේ විවිධ රටවලට කෝනියා 83,200ක් පරිත්‍යාග කර ඇති බවයි.

වෛද්‍ය බ්‍රෝහි කියා සිටින්නේ, එලෙස ශ්‍රී ලංකාවේ කෝනියා පරිත්‍යාගවලින් 40%ක් ලබාගෙන ඇති විශාලතම ප්‍රතිග්‍රාහකයා පාකිස්තානය බවයි. 1967 වසරේ සිට ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය විසින් පකිස්ථානයට අක්ෂි කෝනියා 35,000ක් පරිත්‍යාග කර ඇති බවද ඔහු පැවසුවා.

මෙහිදී වෛද්‍ය බ්‍රෝහී සියල්කොට් සිද්ධිය පිළිබඳ නැවත වරක් සංවේදී වෙමින් පැවසුවේ “ශ්‍රී ලාංකිකයා අපට ඇස් දන් දුන්නා, නමුත් අපට පෙනීම නැති වී ඇත” යනුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14