විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ බලහත්කාරයෙන් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කෙරෙන බවට පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.
මෙම ප්‍රචාරයන් පෞද්ගලික වුවමනාවන් සහිත පාර්ශව විසින් පතුරුවා හරිනු ලබන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රකාශ කරයි.
රජය විසින් ඩොලරයකට ගෙවනු ලබන අතිරේක රුපියල් දෙකක දිරිගැන්වීම යටතේ, ශ්‍රී ලංකා රුපියල්වලට ස්වෙච්ඡාවෙන් පරිවර්තනය කරනු ලබන විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවලින් සියයට 10ක් 2021 මැයි 28 දින සිට බලපත්‍රලාභී බැංකු විසින් මහ බැංකුවට විකුණනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දැනටමත් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලැබෙමින් පවතින මෙම මූල්‍ය ප්‍රවාහය පදනම් කරගෙන සුරැකුම්කරණ මූල්‍යන වැඩපිළිවෙලකට අවතීර්ණ වීමේ හැකියාව සොයා බැලීමට යෝජනා සඳහා වූ ඉල්ලීම් සිදු කෙරෙන අතර, මෙම සුරැකුම්කරණ මූල්‍යන වැඩපිළිවෙල මගින් විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා කිසිදු බලපෑමක් ඇති නොවනු ඇති.
තවදුරටත් තම ප්‍රේෂණ පෙර මෙන්ම ශ්‍රී ලංකාවේ විදේශ මුදල් ගිණුම්වල නිදහසේ අඛණ්ඩව රඳවා තබා ගැනීමට හෝ ශ්‍රී ලංකා රුපියල් වලට පරිවර්තනය කිරීම සඳහා ශ්‍රමිකයන්ට කිසිදු බාධාවක් නැත.
ඒ අනුව, ශ්‍රී ලංකා මහබැංකුව විසින් එවැනි අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.











ඔය රජයෙ මැති ඇමති වරුන් සහ අගමැති ජනපති වාගෙ අයගෙ විදෙශ බැංකු ගිනුම් වලින් මුදල් ගෙන්න කියල එවාට වෙඩියෙන් ගෙව්වනම් එ අයත් කලු සල්ලි සුදු කරාවි ; එùඑන්ම ජෙ වී පී නායකයන්ගෙ විදෙස් මුදල් විදෙස් බැන්කු ගිනුම්ද එසෙම සහ සජිත්ගෙ සහ ඌගෙ සහචරයන්ගෙ විදෙශ බැන්කු ගිනුම් වලින් මුදල් ගෙනෙන්න කියන්න ; සාමාන්‍ය ජනතාව පමනක් කන්නෙ නැතුව: අද අපෙ රටට තියෙන ලොකුම බර ඔය ඔය පාර්ලිමෙන්තුවෙ මීහරක් 225 නඩත්තු කිරීමත් , උන්ට එකෙන් නිකන් කන්න බොන්න දෙන්න සහ උන්ට දෙන වරප්‍රසාද / ජනතා සල්ලි සීයට අනූවක් පමන අද යන්නෙ උන්ට