ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර තරගයේදී දරුණු අනතුරකට ලක්වූ ක්‍රීඩකයා

ශ්‍රී ලංකාව සමග අද (21) ගාල්ලේ දී ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජෙරමි සොලොසානෝ ශෝට් ලෙග් කලාපයේ පන්දු රකිමින් සිටියදී දිමුත් කරුණාරත්න එල්ල කළ පහරකින් පන්දුව හිස් ආවරණයේ තදින් ගැටීම නිසාවෙන් අනතුරකට මුහුණ දීමට සිදු විය.

අනතුරුව ඔහුව ගිලන් රථයක් මගින් රෝහල් ගත කිරීමට පියවර ගනු ලැබුවේය.

අනතුරට ලක්වූ ක්‍රීඩකයා මේ වනවිට කොළඹ රොහලක් වෙත ගෙනවිත් ඇති බවට වාර්තා වෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්