ශ්‍රී ලංකාව අවදානම් සති 02 ක් අභියස : දෛනික ආසාදිතයින් යළි 3,000 සීමාවත් පනී

ශ්‍රී ලංකාව ඩෙල්ටා ව්‍යාප්තියේ අවදානම් සති 02 ට මේවනවිට පැමිණ තිබෙනවා. සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ ඉදිරි සති 02 හෝ 03 ඉතා තීරණාත්මක වනු ඇති බවයි. 

කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙල්ටා ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු වාර්තා වූ අගෝස්තු මස මුල් සතියේ කොළඹ ආසාදිතයින්ගෙන් සියයට 19.3 ක් ඩෙල්ටා ආසාදිතයින් බවටයි තහවුරු කර ගැනුණේ. ජූලි මස 31 වනවිට එම අගය සියයට 75 සීමාවද ඉක්මවා ගොස් තිබුණා. ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර පැවසුවේ මේවනවිට ඩෙල්ටා වෛරසයේ බලපෑම ආරම්භ වන සති 06 සීමාව ඉක්මවා යමින් ඇති බවයි. ඒ අනුව ඩෙල්ටා වෛරසයේ බලපෑම දැඩිව දැනෙනු ඇත්තේ ඉදිරි සති කිහිපයේදී බව ඔහුගේ මතයයි. 

ආචාර්ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් පැවසුවේ මේවනවිට PCR පරීක්ෂණ මගින් තහවුරු කෙරෙන ආසාදිතයින් මෙන්ම කිසිඳු පරීක්ෂණයකින අනාවරණ නොවන ආසාදිතයින් ද සමාජය තුළ සිටිය හැකි බවයි.

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ බිම් මට්ටමේ කොරෝනා ව්‍යාප්තිය පෙනෙන තරම් සතුටුදායක නොමැති බවයි.

මේ අතර ඊයේ රාත්‍රියේ තහවුරු කළ දත්තවලට අනුව ගතවූ පැය 24 වාර්තා වී ඇති සමස්ථ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,000 සීමාව ඉක්මවා ගියා. 

එලෙස හඳුනා ගැනුනු ආසාදිතයින් සංඛ්‍යාව 3,039 ක්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තුන් ලක්ෂ 45,118 ක් දක්වා ඉහළ ගියා. 

මෙරට දිනක් තුළ සිදුවූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව තහවුරු කරමින් ඉකුත් බදාදා දිනයේ සිදුවූ මරණ 156 ක් ඊයේ දිනයේ තහවුරු කෙරුණා. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව ද 5,620 ක් දක්වා ඉහළ ගියා. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
ශිරන්තිගේ ඇසේ සැත්කමක් කරන්න තියෙනවා - බෙහෙත් ගත්තු ගමන් ආපහු එයි
02:25
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ආයතනය ලංකාවේ ආර්ථිකයට ලොකු ශක්තියක් ලබා දෙනවා - මම අගය කරනවා
01:40
Video thumbnail
තිලීපන්ගේ පිළිරූව අයින් කළාට පස්සේ වුණ දේ..
01:25
Video thumbnail
හිමිනමක් මාලිමා වේදිකාවේ සැරටම කිව්ව දේ - පිරිසිදු හිත් ඇතිවෙන ජනතාව නිර්මාණය වෙනවා
08:32
Video thumbnail
159ම ලස්සන වෙලා, පොහොසත් වෙලා
09:18
Video thumbnail
තිලීපන්ගේ පිළිමය අරගෙන ගියාම ප්‍රශ්නය ඉවරද ?එදා ආණ්ඩුවේ අයත් තිලීපන් සැමරුමේ හිටියා ?
02:20
Video thumbnail
75 හැවිරිදි සිව්දරු පියාට අත්වූ ඛේදනීය ඉරණම - වැව් ඉස්මත්තේ තියෙනවා අලින්ට ඉන්න බෝඩිමක්
03:15
Video thumbnail
නාමල්ව ආරක්ෂා කරන්න රටේ මිනිස්සු එකතුවෙනවා
03:21
Video thumbnail
ගලිගමුවට ගිය සජිත්ට ලැබුණු ආදරණීය පිළිගැනීම
01:50