ශ්‍රී ලංකාවේ පැතිරයන නිහඬ වසංගතයක් ගැන භයානක හෙළිදරව්වක්

දියවැඩියාව එසේත් නැතිනම් ආයුර්වේදයේ හඳුන්වන මධුමේහය රෝගය මේ වනවිට ශ්‍රී ලංකාවේ පැතිරයන නිහඬ වසංගතයක් බවට පත්ව ඇත. එනිසා කුඩා දරුවන්, තරුණියන් සහ මැදිවියේ පුද්ගලයන් දක්වා දියවැඩියාවට ගොදුරුවීමේ අවදානමකට ලක්ව තිබේ.

දියවැඩියාව අප සිරුරේ සෑම ඉන්ද්‍රියයකම ක්‍රියාකාරීත්වයට බලපෑම් සිදු කරයි. ඉන් ලිංගික ක්‍රියාකාරීත්වයට ඇතිකරන බලපෑම් පිළිබඳව අපි අවධානය යොමුකර බලමු.

වෛද්‍යවරයකු ලෙස මා ලබන අත්දැකීම් අනුව දියවැඩියාව නිසා ලිංගික දුබලතාවයන් ඇතිකරගත් බොහෝදෙනා තම පවුල් ජීවිතය තුළ ගැටලූ රාශියකට මුහුණදී සිටින බව ඔවුන් පවසන තොරතුරු අනුව වැටහේ.

පවුල් සංස්ථාව තුළ පුද්ගලික ලිංගික ජීවිතයේදී ඔවුන් මුහුණදෙන ගැටලූ නිසා ඇතිවී තිබෙන ගැටුම්, පවුල් බිඳවැටීම්, මානසික පීඩාවන් පුද්ගලික පෞරුෂය කඩා වැටීම මෙම ගැටලූ අතර ප්‍රධාන තැනක් ගෙන ඇත.

දියවැඩියාව නිසි ලෙස පාලනය නොකිරීමෙන් ඇතිවන ස්නායු දුර්වලතා නිසා පිරිමින්ට නිසි ලෙස ලිංගික ප්‍රාණවත් බව නොලැබීම, කාන්තාවන්ට යෝනි මාර්ගයේ වේදනාකාරී බවක් හට ගැනීම ආදී සුලභ ගැටලූ නිසා ඔවුනට පෙර ලෙස කාම සම්භෝගී ජීවිතයක් ගතකිරීමට නොහැකි වේ.

තරුණ වියේදීම මෙවැනි ගැටලූ ඇති වූ විට තම විවාහ දිවිය විඳිනවාට වඩා විඳවීමක් තුළ ගත කිරීමට සිදු වේ.

කාන්තාවනට ඇතිවන බලපෑම්

දියවැඩියාව නිසා කාන්තාවන්ගේ ස්නායුවලට බලපෑමක් ඇති වූ විට ලිංගික උත්තේජනය ලබා ගැනීමේ හැකියාව අඩපණ වේ. මෙම තත්ත්වය නිසා සංසර්ගයේදී අපහසුතා ඇතිවන අතර ඉන් සුරතාන්තයට පත්වීමට ඇති අවස්ථාව අහිමි වේ. එනම් ලිංගික සංසර්ගයෙන් තෘප්තිමත් වීමට පත් නොවේ.

ආර්ථභාවය අතරතුර පසුවන කාන්තාවන්ට දියවැඩියාව ඇතිවුවහොත් ඇයගේ රුධිරයේ සීනි මට්ටම ක්‍ෂණික වෙනස්කමකට ලක්විය හැකිය. ඉන් එම කාන්තාවගේ ලිංගික සෞඛ්‍යයට දැඩි හානියක් සිදුවීමට ඇති ඉඩකඩ වැඩිය. එවන් කාන්තාවන් ලිංගිකව එක්වීමට පෙර රුධිර පරීක්‍ෂණයක් සිදුකර ගැනීම වඩාත් සුදුසුය.

මන්දයත් මෙවන් පසුබිමක සිටින කාන්තාවන්

ලිංගිකව එක්වීමේදී රුධිරයේ සීනි මට්ටම වඩා අඩු අගයක් ගන්නා නිසා ලිංගිකව එක්වීම මගින් සතුටට වඩා වේදනාවක් දැනේ.

එසේම මෙවන් කාන්තාවකට ලිංගික සංසර්ගයේදී දැඩි අපහසුතාවයක් ඇති කරන දිලීර ආසාදන මෙන්ම මුත්‍රා මාර්ගයේ ඇතිවන ආසාදන වැනි විවිධ ආසාදන ඇතිවීමේ අවදානම වැඩිය.

පිරිමින්ට ඇතිවන බලපෑම දියවැඩියාව ඇති පිරිමින්ට නිතරම වාගේ ඇති වන්නේ තම ලිංගික කටයුත්ත නිසි ලෙස සිදුකර ගැනීමට නොහැකි වන පරිදි හෝමෝන මට්ටම පහළ වැටීමය.

එසේම ඔවුනට ඇතිවන ප්‍රධාන ගැටලූව බවට පත්වන්නේ ශිශ්නය නිසි ලෙස ප්‍රාණවත් නොවීමය.

පුරුෂයකුගේ ශිශ්නය නිසිලෙස ප්‍රාණවත් වීමට ශිශ්නයට නිසි පරිදි රුධිර සැපයුමක් අවශ්‍ය වේ. දියවැඩියාව මගින් රුධිර නාළිකාවලට හානි සිදුකිරීම නිසා නිසි රුධිර සැපයුම අඩාල වේ. එසේම ස්නායුවලට හානි සිදුවීම නිසා ශිශ්නය සහ මොළය අතර ඇති සන්නිවේදනය අවහිරවීමද සිදු වේ. මේ නිසා දියවැඩියාව ඇති අයෙකුට ශිශ්නය ප්‍රාණවත් කර ගැනීම තරමක් අසීරු කටයුත්තකි.

කාන්තාවන්ට සහ පිරිමින්ට පොදුවේ ඇතිවන බලපෑම්

දියවැඩියාවෙන් පීඩා විඳින පුද්ගලයන්ට නිතර වෙහෙසකර බව ඇති වේ. දියවැඩියාව නිසා ලිංගික සෞඛ්‍යය බිඳ වැටීමෙන් විවිධ මානසික බලපෑම් මතු වේ. ඒ අතර තමා පිළිබඳව ඇතිවන අවතක්සේරුව, කාංසාව, ශරීරයේ බර අඩුවීම, විශාදය හිත හුදෙකලා වීම, තනිකම දැනීම, ආත්මාභිමානය ගිලිහී යෑම ආදිය මතු වේ.

දියවැඩියාව රෝගීන්ගේ ලිංගික ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම

දියවැඩියා රෝගීන්ගේ ලිංගික ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම සඳහා ඇති ප්‍රධානතම ප්‍රතිකාරය වන්නේ රුධිරයේ සීනි මට්ටම පාලනයයි. එමඟින් ස්නායු අඩපණ වීම වළක්වා ගත හැකිය.

එහිදී සිරුරේ බර නිසි මට්ටමක පවත්වා ගත යුතුය. ඒ සඳහා සීනි අධික ආහාර පාලනය මෙන්ම මේදය අධික ආහාර ගැනීමද වෛද්‍ය උපදෙස් මත පාලනය කළ යුතුය. ඊට අමතරව දිනපතා ව්‍යායාම්වල යෙදීම අත්‍යවශ්‍යය. දුම්පානය මත්පැන් පානයද ලිංගික දුබලතා ඇති කිරීමට බලපාන බැවින් මෙවැනි රෝගීන් ඉන් සම්පූර්ණයෙන් මිදිය යුතුය.

දියවැඩියා රෝගියෙක් තම මානසික ආතතිය දුරුකර ගැනීමට භාවනාවන්හි යෙදීම, පොත්පත් කියවීම, තමා ප්‍රියතම සංගීතය රසවිඳීම, යෝග අභ්‍යාසවල යෙදීම ආදිය කළ හැකිය.

ආයුර්වේදයේ දියවැඩියාව සුව කිරීමට සහ දියවැඩියාව නිසා මතුවන ලිංගික දුබලතා සුව කිරීමට පංචකර්ම ප්‍රතිකාර සහ ඖෂධ ප්‍රතිකාර බොහෝ ඇත. ඒවා භාවිතයෙන් ඉතා සාර්ථකව මෙම ආබාධ සුව කළ හැකිය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23