ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හදුන්වාදෙන ලොව විශාලතම On Demand ජොබ් App එක

ශ්‍රී ලාංකීය නාමය ලෝකයට ගෙනයන නවමු නිපැයුමක් පිළිබදවයි මේ සුභ පණිවිඩය. ලෝකයක් සිය ඇගිලි තුඩින් මෙහෙයවන දැවැන්ත තාක්ෂණයේ ප්‍රතිථිලයක් ලෙස ඔබේ එදිනෙදා කටයුතු පහසු කරන්නටත්, අතිරේක ඉපැයීමේ අවස්ථාවන් ළගා කර දෙන්නටත් සමත්ව ඇත. මෙකී තාක්ෂණය භාවිතයට ගනිමින් ලංකාවේ සහ ලෝකයේ ප්‍රථම වරට හඳුන්වා දෙන දැවැන්තතම සේවා සැපයීමේ මෙහෙයුම Sparetime පිළිබදව අප ඔබට කියන්නේ මහත් අභිමානයකිනි.

සේවාවන් 750 ක් ඉක්ම වූ අති විශාල සේවා ජාලයකින් සැදුම් ලත් මෙම මෙහෙයුමෙහි ඇති විශේෂත්වය වන්නේ ලංකාවේ කොතනක සිටියත්, ඔබේ අවශ්‍යතාවය ඉතා කෙටි කාලයක් තුළදී ඉටු කර දීමට හැකියාව හිමි වීමයි. මේ ඔස්සේ සේවා දායකයාට ප්‍රචාරණ කටයුතු වලින් තොරවම සිය සේවා ප්‍රදේශයට ආසන්නතම පාරිභෝගිකයින් හඳුනා ගැනීමට අවස්ථාව හිමිවන අතර අඩු කාලයක් හා මුදලක් වැය කරමින් ගුණාත්මක බවින් ඉහළ සේවාවක් සැපයීමේ අවස්ථාව හිමිවේ. අනෙක් අතට ඔබ රැකියාවක නියුතු පුද්ගලයෙකු නම් ඔබේ විවේක කාලය ප්‍රයෝජනවත් ලෙස කළමණාකරණය කරමින් අමතර රැකියාවක් ලෙස Sparetime සමග සම්බන්ධ වී අමතර ආදායමක් ඉපයිය හැකිය. එසේම ඔබ තවමත් අධ්‍යාපන කටයුතු වල නිරත ශිෂ්‍යයෙක් නම් ඉගෙනීම් කටයුතු අතරතුර වුව Sparetime ඔස්සේ රැකියාවක නිරත වීමේ අවස්ථාව හිමි වේ. රැකියාවක් සොයමින් සිටින හෝ ස්වයං රැකියාවක නියුතු පුද්ගලයෙකුට වුවද Sparetime උදා කර දෙන්නේ මහැගි අවස්ථාවකි. මෙහි ඇති සුවිශේෂී කරුණ නම් මේ සියල්ලන්ටම සේවාදායකයෙකු ලෙස සේවාවන් 5ක් සදහා ලියාපදිංචි වීමේ හැකියාවයි. තවදුරටත් පැහැදිළි කරන්නේ නම් Sparetime තනන්නේ ඔබේ හැකියාවට ගැලපෙන රැක්යාවක් කරමින්, ස්වාත්මාභිමානයෙන් නැගී සිටින මිනිසුන් වෙනුවෙන් අත්වැලකි.

Sparetime app photo promo

දින දින වැඩි වන්නා වූ ජීවන වියදමට සාපේක්ෂව ඔබේ දෛනික අවශ්‍යතාද ඉහළ යන බව ඔබ හොදින්ම අත්විදින්නට ඇත. මේ හිසරදයෙන් ඔබට අත්මිදිය හැකිකේ ඔබේ විවේක කාලය ඔබ ආදායම් ඉපයිය හැකි ප්‍රයොජනවත් යමක් වෙත ආයෝජනය කළහොත් පමණි. ඔබේ එම ගැටලූව හා අවශ්‍යතාවය හඳුනාගනිමින් එයට විසදුමක් ලෙස ගෙන එන Sparetime මගින් මෙරට 7,950,000 ක් වූ ශ්‍රම බලකායට අමතර ආදායම් මාර්ගයක් ලෙස ආර්ථික අත්වැල සපයන්නට සමත්කම් කියනු නොවනුමානය. අනෙක් අතට විරැකියාවෙන් පීඩිතව ජීවත්වන මෙරට 458,359 ක් වූ පිරිසටද මෙම මෙහෙයුම උදාකර දෙන්නේ අනගි අවස්ථාවකි.

අපේ නාමය සමගින් රටේ නිපැවුමක් ලෙස ඔබට හදුන්වා දෙන Sparetime ලොවම ඔබේ ඇගිලි තුඩු අගට ගෙනෙනා අත්දැකීම විදගන්න.

https://youtu.be/k6bWQvuXbz0


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40