ශ්‍රී ලංකාවේ, කොරෝනා එන්නත්කරණය ගැන ඇහෙන අලුත්ම කතාව මෙන්න

ලෝක එන්නත්කරණය සහ ආසියාවේ එන්නත්කරණය පහත වැටෙද්දී මෙරට කොරෝනා එන්නත්කරණය වේගවත් වී ඇති බවට ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙනවා.

මේ මස 10 වැනිදා වනවිට මෙරට ජනගහණයෙන් පුද්ගලයන් දසදහසකගෙන්ම 67 දෙනෙකුට කොරෝනා එන්නත ලබාදී ඇති අතර, ආසියාකරයේ එම සාමාන්‍යය 45 ක්.

එමෙන්ම, ගෝලීය වශයෙන් සැලකූ විට එය පුද්ගලයින් දසදහසකින් 39 දෙනෙකු වන බවයි සිදුකරන ලද ජාත්‍යන්තර සමීක්ෂණයකින් අනාවරණ වී ඇත්තේ.

මේ අතර, රජයේ පාසල් සහ පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා එන්නත් ලබාදීම අද සිට ආරම්භ කෙරෙනවා.

වයස් භේදය නොතකා අදාළ එන්නත්කරණය සිදු කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් කියා සිටියේ.

ඒ  අනුව කොළඹ අධ්‍යාපන කලාපයට අයත් සියළුම රජයේ පාසල් සහ පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා එන්නතේ පළමු මාත්‍රාව නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී අද සිට 16 වැනිදා දක්වා ලබාදෙන බවයි කොළඹ කලාප අධ්‍යාපන කාර්යාලය සඳහන් කළේ.

තවත් කොරෝනා ආසාදිතයන් 1,507 දෙනෙකු ඊයේ දිනයේ හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 274,538 දක්වා ඉහළ ගියා.

මේ අතර, කොරෝනා වසංගතයට එරෙහිව පනවා ඇති සීමාවන් මහජන සෞඛ්‍යාරක්ෂාවෙන් ඔබ්බට නොයා යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් පවසනවා.

ට්වීටර් සටහනක් තබමින් ඇය සඳහන් කළේ සාමකාමී විරෝධතා පැවැත්වීමද, එක්රැස්වීමේ අයිතියට ඇතුළත් බවයි.

ප්‍රකාශනයේ නිදහස සහ මහජන ප්‍රතිපත්ති කෙරෙහි බලපෑම් කිරීමටද එක්රැස්වීමේ අයිතිය ඉවහල්වන බව ඇය එමඟින් පෙන්වා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15
Video thumbnail
22 ගැන අහද්දි මාධ්‍ය මඟහැර ගිය හිටපු ජනපති මෛත්‍රිපාල - මොනවද ?මම කවද්ද කිව්වේ ?
01:14
Video thumbnail
මෛත්‍රිපාල, වාසුදේව ගැන රස කර කර කිව්ව අතීත කතාව - වාසුවගේ දහස් ගණනක් දැන් ඕනි අවස්ථාවක්
04:25
Video thumbnail
දැන් කට්ටිය පෝළිමට ගිහින් දුන්නා නේද ?අපෝ නෑ නෙවෙයි..මේක ඇත්ත කතාව..පච කිව්වා නේද ?
04:24
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් අධිකරණයට
01:00
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?
00:50
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා
01:00
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා - අම්මා කියලා හිතලද ?
01:37
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද අධිකරණයට රැගෙන ආ අයුරු
01:38