ශ්‍රී ලංකාවෙන් කීපදෙනෙක් හමුවූ තවත් මාරාන්තික රෝගයක්

කළු පුස් දිලීර රෝගය වැළඳුනු රෝගීන් කිහිපදෙනෙකු මේ වන විට මෙරටින් හඳුනාගෙන තිබෙන බවට තොරතුරු වාර්තා වී තිබේ.

කොවිඩ් 19 වෛරස ආසාදනයට සෘජු බලපෑමක් නැතත් දීර්ඝ කාලීනව මුව ආවරණ පැළඳීම හේතුවෙන් මෙරට තුළ “කළු පුස් දිලීරය” ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බව වෛද්‍යවරු පෙන්වා දෙයි.

කළු පුස් දිලීරය ආසාදනය වූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහු වකුගඩු ආශ්‍රිත රෝගයකින් පෙළෙන නිසා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය තරමක අසාධ්‍ය බව වාර්තා වේ.

එම රෝගියාගේ නාසය අභ්‍යන්තරයේ සහ එක ඇසක මෙම දිලීරය ආසාදනය වී ඇති අතර ඔහු කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයෙක් බව පැවසේ.

තවත් එවැනි රෝගීන් කිහිපදෙනකුම ප්‍රතිකාර ලබාගෙන ඇති බව වාර්තා වන අතර මින් පෙර මෙම දිලීරය පිළිබඳ තොරතුරු හෙළි වූයේ ආසාදිත රෝගීන් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකින්ම වාර්තා වීමත් සමඟයි.

කළු පුස් දිලීරය ආසාදනය වී තිබූ බවට හඳුනා ගත් රෝගීන් අතර ප්‍රතිශක්තීකරණය දුර්වල රෝගීන් සිටින අතර ඔවුන් දීර්ඝ කාලීන දියවැඩියා රෝගීන් සහ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම්වලට භාජන වූ පිරිස් බව වාර්තා වේ.

දීර්ඝ කාලීනව එකම මුව ආවරණය පැළඳීම සහ අපිරිසිදු මුව ආවරණ පැළඳීම හේතුවෙන් මෙම දිලීරය ආසාදනය වන බවට වෛද්‍යවරුගේ මතයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40