ශ්‍රී ලංකාවට තවත් ජාත්‍යාන්තර ජයක්

බ්‍රිතාන්‍යයේ බීබීසී ආයතනය විසින් පවත්වනු ලබන ජාත්‍යන්තර වනජීවී ඡායාරූප තරගාවලියකින් මෙරට 11 හැවිරිදි දරුවෙකු සහ ඡායාරූප ශිල්පිනියක් සුවිශේෂී ඇගයීමක් හා ජයග්‍රහණ ලබා ඇත.

bbc wildlife photographer of the year 2021 යන වනජීවී ඡායාරූප තරගාවලියේදී 11 හැවිරිදි ගගන මෙන්ඩිස් වික්‍රමසිංහ සහ බුද්ධිනීද සොයිසා ප්‍රදර්ශන මට්ටමට හා ජූරියේ විශේෂ පැසසුමට ලක්ව ඇත.මෙම තරගාවලිය සඳහා වනජීවි ඡායාරූප පනස් හත් දහසක් පමණ ඉදිරිපත් කර ඇති අතර, ජූරිය විසින් ඉන් ඡායාරූප 1000 ක් තෝරාගෙන ඇත.
එම ඡායාරූප අතරින්ද තෝරාගත් සුවිශේෂී ඡායාරූප පහ අතරට ගගන මෙන්ඩිස් වික්‍රමසිංහ විසින් යවන ලද ‘Lockdown chicks’ නමැති ගිරවුන්ගේ ඡායාරූපයත්,බුද්ධිනී ද සොයිසා ගේ ‘A Great Swim’ ඡායාරූපයත් විශේෂ ඇගයීමට ලක්ව තිබේ.මීට පෙර මෙවැනි ජයග්‍රහණයකට හිමිකම් කියනු ලැබූවේ පරිසරවේදී රුක්ෂාන් ජයවර්ධනය. ඒ 2002 වසරේදීය. ඒ අනුව ශ්‍රී ලංකාව සුවිශේෂී ජයග්‍රහණයකට හිමිකම් කියනු ලබන්නේ වසර නමයකට පසුවය.

උරග විද්‍යාඥයකු වන මෙන්ඩිස් වික්‍රමසිංහගේ සහ නෙතූ වික්‍රමසිංහගේ දෙවන පුත්‍රයා වන්නේ ගගන මෙන්ඩිස් වික්‍රමසිංහය. ගගන සිය ඡායාරූපය ගෙන ඇත්තේ ඉකුත් වසරේ (2020) නිරෝධායන ඇඳිරිනීති සමයේදීය. එවිට ඔහුගේ වයස අවුරුදු 10 කි. සිය නිවස ඉදිරිපිට වූ දිරාපත් ගසක බෙනයක සිටින පැටවුන්ට ගිරා මවක් ආහාර කවන අයුරු ගගනගේ ඡායාරූපයෙන් දැක්වේ.

ගගන කුඩා කල සිටම සිය පියාගේ මග යමින් පරිසරයට මහත් ඇල්මක් දක්වන්නේය.

image 08cdd021e1
image 08de57ebde


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40