ශ්‍රි ලංකාව මේවනවිට හොදින් කරගෙන යනවා, ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

ජනගහනයෙන් 50% කට වැඩි පිරිසකට කොරෝනා එන්නත් පූර්ණ වශයෙන් ලබාදීමෙන් ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉලක්ක නියමිත කාල විරාමයට පෙර ළඟා කරගෙන ඇති බව එම සංවිධානය ප්‍රකාශ කළා.

සැප්තැම්බර් මාසය අවසන් වනවිට අවම වශයෙන් සිය ජනගහනයෙන් 10%කට කොරෝනා එන්නත් ලබාදිය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවලින් ඉල්ලීමක් කර තිබුණා.

එමෙන්ම, වසර අවසන් වනවිට ජනගහනයෙන් 40%ක්වත් පූර්ණ එන්නත්කරණයට ලක් කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉලක්කය යි.

කෙසේ නමුත්, ශ්‍රී ලංකාව අදාළ ඉලක්ක නියමිත කාලයට පෙර ළඟා කරගෙන ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය සඳහන් කළේ.

මෙරට එන්නත්කරණ වැඩසටහනට ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහනේ සහාය ද හිමි වෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ බලාපොරොත්තු සහගත එන්නත්කරණ වැඩසටහන මඟින් ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉලක්ක අභිබවා ගොස් ඇති අතර, මේ වසර නිමා වීමට පෙර ජනගහනයෙන් 60%කට වැඩි පිරිසකට පූර්ණ එන්නත්කරණය ලබාදීමේ මෙරට ඉලක්කය ද අභිබවා යනු ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, මෙරට කොරෝනා එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා ෆයිසර් එන්නත් මාත්‍රා 73,000ක තවත් තොගයක් අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවා.

නෙදර්ලන්තයේ – ඇම්ස්ටර්ඩෑම් නුවර සිට මෙම එන්නත් තොගය දෝහා කටාර්වලට රැගෙනවිත් තිබූ අතර, එතැන් සිට කටුනායක වෙත රැගෙන එනු ලැබූයේ කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. 668 දරන යානයෙන්.

එසේම, ඊයේ දිවයිනට ලැබුණු ස්පුට්නික් වී එන්නත් එක්ලක්ෂ විසි දහස ද හෙට සිට මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ලබාදීමට නියමිත යි.

මේ අතර, ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 1,733ක් වාර්තා වූ අතර, ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 54,491 ලෙසට යි.

රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල මෙන්ම නිවෙස්වල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාවද ඊයේ 60,000 ඉක්මවා ගිය අතර, වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ එම සංඛ්‍යාව 60,328ක් බවයි.

ඊයේ දිනයේ කොරෝනා මරණ 103ක් වාර්තා වූ අතර, ඉන් පුද්ගලයින් 77 දෙනෙකු ම වයස අවුරුදු 60ට වැඩි අය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඉන් බහුතරයක් එනම් 44ක් ම පිරිමි පුද්ගලයින් වෙනවා.

වයස 30ත් 59ත් අතර පුද්ගලයින් 24 දෙනෙකු ද මියගොස් ඇති අතර, වයස 30ට අඩු කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ද මියගිය පිරිස අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 12,125ක් ලෙසට යි.

මේ අතර, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හයකට ජපානයට ඇතුළු වීමට පනවා තිබූ සීමා අද සිට ඉවත් කෙරෙනවා.

සෙසු රටවල් වන්නේ ඉන්දියාව, මාලදිවයින, නේපාලය, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය යි.

මේ අතර කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන හෝටලයක නාන තටාකයේ තිබූ මළ සිරුර පිළිබඳ ව පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලෙස මීගමුව රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කර තිබෙනවා.

ඒ, මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික ද සිල්වා විසින්.

මෙලෙස මියගොස් තිබුණේ, හෝටලයේ සේවය කළ මීගමුව ප්‍රදේශයේම පදිංචි 36 හැවිරිදි දෙදරු පියෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09