ශ්‍රි ලංකාව තුළදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වීමේ ඇති අවදානමක් ගැන ඇමරිකාවෙන් අනතුරු ඇඟවීමක්

අමෙරිකාව නැවත වරක් ඔවුන්ගේ සංචාරක මාර්ගෝපදේශන යාවත්කාලීන කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් ශ්‍රි ලංකාව නම් කර ඇත්තේ කෝවිඩ් අවදානම තුන්වන කාණ්ඩයේ ඇති අධි අවධානම් රටක් ලෙසටයි.

එමෙන්ම මෙම යාවත්කාලීන කිරීම් අනුව ශ්‍රි ලංකාව තුළදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වීමේ ඇති අවදානම පිළිබඳව ද සඳහන් කර තිබෙනවා.

මෙහිදී අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ සම්පූර්ණ එන්නත් කරණයකට ලක්ව නැති අමෙරිකානු පුරවැසියන් ශ්‍රී ලංකාවේ සංචාරයක කිරීමේදී කොවිඩ් 19 රෝගයට ගොදුරු වීමේ අවදානම අධික බවයි.

ශ්‍රි ලංකාව අධික කොවිඩ් අවදානමක් ඇති රටක් ලෙස අමෙරිකාව විසින් නම් කර තිබීම මීට හේතුවයි.

එමෙන්ම ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් මෙම නව යාවත්කාලීන කිරීමේදී දැක්වෙන්නේ කෙටි දැනුම් දීමකින් හෝ එසේ නොමැතිව ඕනෑම මොහොතක ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වීමේ අවස්ථාවක් ශ්‍රී ලංකාවේ සංචාරය කරන අමෙරිකානු සංචාරකයින්ට ඇති බවයි.

බස් නැවතුම් පල,ගුවන්තොටුපල,සංචාරක හෝටල්,අවන්හල් ආදිය ඉලක්ක කරගෙන මෙම ත්‍රස්ත ප්‍රහාර එල්ල විය හැකි බව ඔවුන් මෙම යාවත්කාලීන කිරීම් හරහා සංචාරකයින්ට සිහි කැඳවනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16