ශ්‍රි පාද වන්දනාවට බලාගෙන ඉන්න බැතිමතුන්ට විශේෂ නිවේදනයක්

සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව 2021-2022 වසර සදහා ශ්‍රී පාද වන්දනා වාරය උදුවප් පොහෝ දිනයෙන් (18) ආරම්භ කරන බව ශ්‍රී  පාදස්ථානාධිපති පැල්මඩුල්ල රජමහා  විහාරය සහ රත්නපුර පොත්ගුල්  රජමහා විහාරස්ථානයේ විහාරාධිපති , රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක , උව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති ත්‍රිපිටකාචාර්ය  පුජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් පැවසිය.

ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් ඒ බව (30) දින කියා සිටියේ 2021-2022 වසර සදහා ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කිරිම සම්බන්ධයෙන් නල්ලතන්නිය ග්‍රාමසේවා නිලධාරි කාර්යාල පරිශ්‍රයේදි රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් දැනුවත් කිරිම සදහා පැවති විශේෂ රැස්විමකදිය.

නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්විමේදි වැඩිදුරටත් අනුශාසනා කරමින් ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව කටයුතු කරමින් ශ්‍රී පාදය කරුණා කිරිමට බැතිමතුන්ට අවස්තාව ලැබෙන බවයි.

ශ්‍රී පාද වන්දනාවේ පැමිණිමේදි කොවිඩ් 19 වෛරසය සඳහා එන්නත්කරණ ලද කාඩ්පතද රැගෙන ඒම තුළින් කිසිදු බාධාවකින් තොරව වන්දනාකරුවන්ට ශ්‍රී පාදස්ථානය කරුණා කිරිමට අවස්තාව ලැබෙන බවයි.

වසර දෙකක් තිස්සේ මෙරටට බැතිමතුන්ට මෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ට ශ්‍රී පාදස්ථානය කරුණා කිරිමට අවස්ථාව නොලැබුණු බවත්,ඒ අනුව මෙවර ශ්‍රී පාද වන්දනා වාරය පැවැත්විමේදි  ශ්‍රී පාදස්ථානය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ සෞඛ්‍ය උපදෙස් නියෝග නිකුත් නොකරන ලෙසට සෞඛ්‍ය අංශ නිලධාරින්ගෙන් ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් ඉල්ලිමක් කරනු ලැබුහ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56