ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු ඩිජිටල්කරණය වෙයි

අධිකරණ සේවාවවල කාර්යක්ෂමතාවය ඉහළ නංවා මහජනතාවට ඵලදායී අධිකරණ සේවාවක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණ කටයුතු වේගවත් කිරීමේ වැඩසටහනෙහි පළමු පියවර ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඩිජිටල්කරණය කිරීමේ කටයුතු ආරම්භ කරමින් අධිකරණ e court ව්‍යාපෘතියෙහි පළමු අදියර වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කළමණාකරණ පද්ධතිය දියත් කිරීම සහ නවීකරණය කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ වෙබ් අඩවිය විවෘත කිරීම අග්‍රවිනිශ්චයකාර ප්‍රිති පද්මන් සුරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ සහභාගිත්වයෙන් අද (12) පස්වරුවේ කොළඹ 12, අධිකරණ මාවත, අංක 80, විනිසුරු පුහුණු ආයතන පරිශ්‍රයේදී පැවැත්වුණා.

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කළමණාකරණ පද්ධතිය දියත් කිරීම සහ නවීකරණය කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ වෙබ් අඩවිය විවෘත කිරීම අග්‍රවිනිශ්චයකාර ප්‍රිති පද්මන් සුරසේන, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, මහින්ද සමයවර්ධන සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා මහත්වරුන් අතින් සිදුවුණා.

අධිකරණ කාර්යල තුළ සිදුවන දුෂණ අක්‍රමිකතා අවම කිරීම, අධිකරණ පිළිබඳව මහජන විශ්වාසය වර්ධනය කිරීම හා අධිකරණයට පැමිණෙන ජනතාවට සහ නීතිඥවරුන්ට කඩිනමින් සේවා ලබා ගැනීමේ පහසුව ලබාදීම ඩිජිටල්කරණ වැඩසටහනෙහි අරමුණයි.

පළමු පියවර වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු ඩිජිටල්කරණය කිරීමට නියමිත අතර, ඉන්පසුව අභියාචනාධිකරණය, මහාධිකරණ, දිසා මහෙස්ත්‍රාත් අධිකරණ සහ සෙසු අධිකරණ කටයුතු ඩිජිටල්කරණය කිරීමට නියමිතව තිබෙනවා.

ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබද ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජයසුරිය මෙහි ප්‍රධාන දේශනය පවත්වන ලැබුවා.

අධිකරණ දඩ ගෙවීම්, නඩු ගාස්තු, මුද්දර ගාස්තු, සහතික පිටපත් ගාස්තු යන සියලු ගෙවීම් බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ පහසුකම් අධිකරණ පද්ධතියට හදුන්වාදීම පසුගියදා සිදු වු අතර, ඒ යටතේ කොළඹ අවට අධිකරණ කිහිපයක් සඳහා ගෙව්ම් යන්ත්‍ර බෙදාදීම ද මෙහිදී සිදු වුණා.

නීතිපති, ජනාධිපති නීතිඥ, පාරින්ද රණසිංහ, ඩිජිටල් ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, එරංග වීරරත්න, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, මහින්ද සමයවර්ධන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන, ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ටාර් අරවින්ද ගුණරත්න , ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ, රජිව් අමරසූරිය, මහජන බැංකුවේ සභාපති ආචාර්ය නාරද ප්‍රනාන්දු, ශ්‍රේෂ්ඨාධිකරණ තොරතුරු තාක්ෂණ රෙජිස්ටාර් අචින්තනාත් වැලිදෙණිය යන ඇතුළු පිරිසක් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්, දිසා හා මහෙස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන්, අධිකරණ රෙජිස්ටාර්වරුන් හා අධිකරණ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
තොරණ් සහ වෙළෙඳසැල් කුඩු කරගෙන පලා ගිය වෑන් රථය - තොරණ් දෙකක් සහ වෙළෙඳසැල් දෙකක් විනාශයි
01:00
Video thumbnail
"සැලැස්ම පැහැදිලියිනේ දැන්.. ඔන්න පොලිස් බුද්ධි අංශයේ වැඩ"
00:25
Video thumbnail
මිග් යානා සිද්ධියට ප්‍රකාශයක් දෙන්න ගෝඨාභය FCIDයට එයි
01:12
Video thumbnail
5 දෙනෙක් රෝහලට යැවූ බිහිසුණු ලොරි - බස් අනතුර.. අනතුරට මුහුණ දුන් මිනිස්සු කිව්ව දේ
01:51
Video thumbnail
"ඔයා මොකක්ද අනේ හැමදාම මස්තබාල්දුව දානවා"
00:15
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51
Video thumbnail
චාමර උදෙන්ම පාර්ලිමේන්තුවේ යකා නටයි - කථානායක හැමදාම මස්ත බාල්දුව දාන්න එපා
03:11
Video thumbnail
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන අජිත් කට අරියි - ඇයි 2026 කරපු ආයෝජන අඩුවෙලා ?
07:35
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04