ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවකට ඔස්ට්‍රේලියා රජයෙන් ප්‍රබල තනතුරක්

සිම්මාබ්වේ හි ඔස්ට්‍රේලියා තානාපතිවරිය ලෙසට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මිනෝලි පෙරේරා මහත්මිය පත්කර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය Penny Wong විසින් පසුගියදා කැන්බරා හි පැවති මාධ්‍ය හමුවකදී යි ඕස්ට්‍රේලියානු අගමැති Anthony Albanese විසින් ඇයව පත් කරනු ලැබූ බව ප්‍රකාශ කර ඇත්තේ.

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, කොංගෝ – බ්‍රසාවිල්, මලාවි සහ සැම්බියාවට ද ඇය තානාපතිවරිය වශයෙන් කටයුතු කරනු ඇති.

ඒ අනුව මිනෝලි පෙරේරා, 2018 වසරේ සිට මේ වන විට සිම්බාබ්වේ තානාපතිවරයා ලෙස සේවය කරන බ්‍රොන්ටේ මවුල්ස්ගෙන් පසු ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.

මෙම පත් කිරීම ඔස්ට්‍රේලියාව සිම්බාබ්වේ සමඟ ඇති ද්විපාර්ශවික සබඳතාව වැඩිදියුණු කිරීමට උත්සාහයක් බවයි විදේශ අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට පැවසුවේ.

දේශගුණික විපර්යාස, තිරසාර සංවර්ධනය සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇතුළුව දෙපාර්ශවය අතර උනන්දුවක් ඇති ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් අනෙක් රටවල් සමඟ සම්බන්ධ වීම මෙමගින් තවදුරටත් ශක්තිමත් කරන බව ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මිනෝලි පෙරේරා ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ වෘත්තීය නිලධාරිනියක ද වනවා.

ඇය මීට පෙර බීජිං, පෝට් මෝර්ස්බි, නිව් යෝර්ක්, බුවනෝස් අයර්ස් සහ ටෙල් අවිව් හි සේවය කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26