ශ්‍රී ලාංකික සම්භවයක් සහිත යුවළකගේ මළ සිරුරු ඕස්ට්‍රේලියාවේ දී සොයාගැනේ

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි ඊසාන දිග වොරන්ඩයිට් ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ තිබී ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වැඩිහිටි යුවළකගේ සිරුරු හමු වී තිබෙනවා.

ඊයේ (12) පස්වරුවේ මෙම මළ සිරුරු දෙක සොයාගෙන ඇති අතර,මොවුන්ගේ මරණවලට හේතුව තවමත් අනාවරණය වී නැහැ.

වයස අවුරුදු 70ත් 80ත් අතර පසුවන ඩොයින් කැස්ප්ර්ස් සහ මාර්ලීන් කැස්පර්ස් යන යුවළගේ සිරුරු මෙලෙස සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොගත් මළ සිරුරු දෙනෙක් එක් මළ සිරුරක් මෝටර් රථයක් තුළ තිබුය දී සොයාගෙන ඇති අතර, අනෙක් සිරුර ඒ ආසන්නයේ තිබී හමුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ මෝටර් රථය මෙම යුවළට අයත් එකක් බවටයි අනාවරණය වී ඇත්තේ.

මිය ගොස් ඇති යුවළ එම ප්‍රදේශයේ වසර 25කට අසන්න කාලයක් ජීවත්ව සිටි බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර ඔවුන්ගේ අසල්වාසීන් මාධ්‍යයට පවසා ඇත්තේ මියගොස් සිටින මාර්ලීන් කැස්පර්ස් නැමැති කාන්තාව ඇල්සයිමර් රෝගය සමඟ පොරබදමින් සිටි බවයි.

ඇයගේ සැමියා සහ දරුවන් විසින් ඇයව රැකබලා ගත් බවත් අසල්වාසීන් වැඩිදුරටත් මාධ්‍යයට පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28