ශ්‍රී ලාංකික දැරියක් ඉන්දීය සුප්‍රසිද්ධ ගායන තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

ඉන්දියාවේ සී ටැමිල් (Zee tamil) නාලිකාවේ සරිගමප ලිට්ල් චෑම්ප්ස් (SaReGaMaPa Li’l Champs) තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලාංකික දැරියක් වන කිල්මිෂා (kilmisha) සමත්ව තිබෙනවා.

ඇයගේ ගායනය මෙවර විනිසුරු මඩුල්ලේ ඉහළ ඇගයීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

පැමිණ සිටි ආරාධිත විනිසුරුවරුන් ද කිල්මිෂා ගේ ගායනය පිළිබඳ අගය කරමින් අදහස් පළ කර තිබෙනවා.

ඉන්දීය ඉතිහාසයේ මෙවැනි ගායන තරගාවලියකදී ශ්‍රී ලාංකිකයෙක් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව ද මෙය ලෙසටයි සැලකෙන්නේ.

කිල්මිෂා මේවන විට යාපනයේ පාසලක 8 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් පසුවනවා.

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මෙවර සරිගම ලිට්ල් චෑම්ප්ස් තරගාවලියට තරගකරුවන් තෝරා ගැණුනු අතර මහනුවර පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි කනගරාජ් අසානි නම් දැරියක් ද මෙම තරගාවලියේ තරගකරුවන් අතර වනවා.

ඇයගේ ගායනය ද පසුගියදා විනිසුරුවරුන්ගේ ඇගයීමට පාත්‍ර වූ අතර අඛණ්ඩව සති දෙකක් ඇයට ගායන කුසලතා දැක්වීමට ද අවසර හිමිව තිබෙනවා.

ගුවන් විදුලියෙන් ගීත ශ්‍රවණය කර ගායනා කිරීමට පුරුදු වූ අතර ගීත ගායනයට තමා පොළඹවනු ලැබුවේ දෙමව්පියන් බවයි අසානි ප්‍රකාශ කර තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36