spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලාංකික දැරියක් ඉන්දීය සුප්‍රසිද්ධ ගායන තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

ඉන්දියාවේ සී ටැමිල් (Zee tamil) නාලිකාවේ සරිගමප ලිට්ල් චෑම්ප්ස් (SaReGaMaPa Li’l Champs) තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලාංකික දැරියක් වන කිල්මිෂා (kilmisha) සමත්ව තිබෙනවා.

ඇයගේ ගායනය මෙවර විනිසුරු මඩුල්ලේ ඉහළ ඇගයීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

පැමිණ සිටි ආරාධිත විනිසුරුවරුන් ද කිල්මිෂා ගේ ගායනය පිළිබඳ අගය කරමින් අදහස් පළ කර තිබෙනවා.

ඉන්දීය ඉතිහාසයේ මෙවැනි ගායන තරගාවලියකදී ශ්‍රී ලාංකිකයෙක් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව ද මෙය ලෙසටයි සැලකෙන්නේ.

කිල්මිෂා මේවන විට යාපනයේ පාසලක 8 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් පසුවනවා.

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මෙවර සරිගම ලිට්ල් චෑම්ප්ස් තරගාවලියට තරගකරුවන් තෝරා ගැණුනු අතර මහනුවර පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි කනගරාජ් අසානි නම් දැරියක් ද මෙම තරගාවලියේ තරගකරුවන් අතර වනවා.

ඇයගේ ගායනය ද පසුගියදා විනිසුරුවරුන්ගේ ඇගයීමට පාත්‍ර වූ අතර අඛණ්ඩව සති දෙකක් ඇයට ගායන කුසලතා දැක්වීමට ද අවසර හිමිව තිබෙනවා.

ගුවන් විදුලියෙන් ගීත ශ්‍රවණය කර ගායනා කිරීමට පුරුදු වූ අතර ගීත ගායනයට තමා පොළඹවනු ලැබුවේ දෙමව්පියන් බවයි අසානි ප්‍රකාශ කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
1
+1
10
+1
4
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?