ශ්‍රී ලාංකික කාන්තාවක් පළමුවරට ඕස්ට්‍රේලියානු මැතිසබයට

ස්කොට් මොරිසන්ගේ ලිබරල් පක්ෂය පරාජය කරමින් එරට කම්කරු පක්ෂය ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

ඒ අනුව ඕස්ට්‍රිලියාවේ 31 වන අග්‍රාමාත්‍යවරයා ලෙස කම්කරු පක්ෂයේ නායක ඇන්තනි ඇල්බනීස් තේරී පත් වූ බවයි නිවේදනය කළේ.

ඊයේ පැවති මැතිවරණයෙන් ආසන 71 දිනා ගැනීමට කම්කරු පක්ෂය සමත් වූ අතර ලිබරල් පක්ෂය දිනා ගත්තේ ආසන 52ක් පමණයි.

මේ අතර මෙවර ඕස්ට්‍රේලියානු මැතිවරණය සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ද තරග කළා.

එහිදී හෝල්ට් අසුනට කම්කරු පක්ෂයෙන් තරග වැදුණු ශ්‍රී ලාංකිකයෙකු වන කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු එම අසුන ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

ඒ අනුව 34 හැවිරිදි කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව බවට පත්වීම විශේෂත්වයක්.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇන්තනි ඇල්බනීස් හෙට දිනයේ දී ඕස්ට්‍රේලියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14