ශ්‍රී ලාංකිකයෙකු ප්‍රධාන චරිතය රඟ දක්වන ඉන්දියානු මුද්‍රා නාට්‍ය පැරීසියේ ප්‍රධාන රංග ශාලාවක

2024 දී ප්‍රංශ කෞතුකාගාරයක් විසින් ප්‍රතිනිර්මාණය කළ ශාකුන්තලා නාට්‍යයේ ‘දුෂ්‍යන්ත’ නමැති ප්‍රධාන චරිතය පසුගිය වසරේදී ලාංකික සම්භවයක් සහිත ශිල්පියෙකුට හිමිවුණා.

ඒ, ශ්‍රී ලාංකීය නර්තන ශිල්පියෙක් වන කෞෂාල් රණසිංහට.

ඔහු මෙවරත් ශාකුන්තලා නාට්‍යයේ දුෂ්‍යන්තගේ චරිතයට පණ පොවනවා.

එම නාට්‍ය ජනවාරි 10,11 දෙදින පැරිස් නුවර ප්‍රධාන රංග ශාලාවක වේදිකාගත වීමට නියමිතයි.

ඉන්දියානු කතක් සහ බොලිවුඩ් ශෛලීන් සමඟ නිර්මාණය වන මෙම නාට්‍යයේ ශ්‍රී ලාංකිකයෙකු මෙලෙස ප්‍රධාන චරිතය සිදුකිරීම විශේෂී වන අතර, එය ප්‍රංශයේ ජීවත් වන ප්‍රධාන විචාරකයින්ගේ සහ ජනමාධ්‍යවල ද අවධානය දිනාගෙන තිබෙනවා.