spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලාංකිකයෙක් මුම්බායි ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

ඉන්දීය රුපියල් කෝටි 2.5ක් වටිනා රත්‍රං කුඩු කිලෝග්‍රෑම් 4ක් නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කළ බව කියන ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු තරුණයින් දෙදෙනෙකු මුම්බායි ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු පනත යටතේ ආදායම් බුද්ධි ඒකකය (DRI) විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලාංකිකයෙකු වන මොහොමඩ් ජලීල් (35) සහ තමිල්නාඩුවේ පදිංචි මොහොමඩ් හුසේන් (38) නම් දෙදෙනෙක්.

ලැබුණු බුද්ධි තොරතුරු මත කොළඹ සිට පැමිණි මෙම මගීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිලධාරීන්ට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබූ බැවින් සැකකරුවන් දෙදෙනා පරික්ෂා කර ඉටි ආකාරයෙන් තිබූ රන් කුඩු කිලෝග්‍රෑම් 4ක් සොයා ගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රශ්න කිරීම්වලදී ශ්‍රී ලාංකිකයා සඳහන් කර ඇත්තේ හුසේන් නම් පුද්ගලයා රත්‍රන් තමාට ලබා දුන් බවයි. මෙම සැකකරුවන් දෙදෙනා ආදායම් බුද්ධි ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකය මත පමණක් වන අතර කිසිදු ස්ථිර සාක්ෂියක් නොමැතිවයි.

මේ අතර ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස රැගෙන ආ රත්‍රං කිලෝග්‍රෑම් අටක් ද පම්බන් ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා.

බෝට්ටු හිමිකරු සහ ජාවාරම්කරුවන් හඳුනාගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?