ශ්‍රී ලාංකිකයෙක් මුම්බායි ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

ඉන්දීය රුපියල් කෝටි 2.5ක් වටිනා රත්‍රං කුඩු කිලෝග්‍රෑම් 4ක් නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කළ බව කියන ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු තරුණයින් දෙදෙනෙකු මුම්බායි ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු පනත යටතේ ආදායම් බුද්ධි ඒකකය (DRI) විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලාංකිකයෙකු වන මොහොමඩ් ජලීල් (35) සහ තමිල්නාඩුවේ පදිංචි මොහොමඩ් හුසේන් (38) නම් දෙදෙනෙක්.

ලැබුණු බුද්ධි තොරතුරු මත කොළඹ සිට පැමිණි මෙම මගීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිලධාරීන්ට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබූ බැවින් සැකකරුවන් දෙදෙනා පරික්ෂා කර ඉටි ආකාරයෙන් තිබූ රන් කුඩු කිලෝග්‍රෑම් 4ක් සොයා ගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රශ්න කිරීම්වලදී ශ්‍රී ලාංකිකයා සඳහන් කර ඇත්තේ හුසේන් නම් පුද්ගලයා රත්‍රන් තමාට ලබා දුන් බවයි. මෙම සැකකරුවන් දෙදෙනා ආදායම් බුද්ධි ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකය මත පමණක් වන අතර කිසිදු ස්ථිර සාක්ෂියක් නොමැතිවයි.

මේ අතර ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස රැගෙන ආ රත්‍රං කිලෝග්‍රෑම් අටක් ද පම්බන් ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා.

බෝට්ටු හිමිකරු සහ ජාවාරම්කරුවන් හඳුනාගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11