මෙරට ගෘහ සේවිකාවන් 26 දෙනෙකු කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කෙරේ

නීතිවිරෝධී ලෙස වීසා නොමැති ව කුවේට් රාජ්‍යයේ රැඳී සිටිමින්, එරට විවිධ ස්ථානවල සේවයේ නිරත වී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 26 දෙනෙකු එරටින් පිටුවහල් කර තිබෙනවා.

එලෙස පිටුවහල් කළ ලාංකිකයින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි අප ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

මෙම පිරිස කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටින 2,000කට අධික ගෘහ සේවිකාවන් අතරින් කොටසක් බවත් ඉතිරි පිරිස ද කොටස් වශයෙන් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බවත් එම තානාපති කාර්යාලයීය ප්‍රකාශකවරයෙකු පැවසුවා.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයීය නිලධාරීන් කුවේට් රාජ්‍යයේ ආගමන විගමන දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අධිකරණය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සමග මේ පිළිබඳ කටයුතු කර මෙම ගෘහ සේවිකාවන්ට එරෙහි ව පැවති නඩු ඉවත් කරවාගෙන, ඔවුන් ගෙවිය යුතු දඩ මුදල් අහෝසි කර ගැනීමට කටයුතු කර තිබෙන බවත් වාර්තා වනවා.

මෙම ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ට මෙරටට පැමිණීම සඳහා අවශ්‍ය ගුවන් යානා ප්‍රවේශ පත්‍ර නොමැති වූවන්ට ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ලබාදීමට ද කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

මොවුන් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන අද උදෑසන 07.05 ට කුවේට් රාජ්‍යයේ සිට මෙරටට ළඟා වුණා.

IMG 20231108 WA0010
IMG 20231108 WA0011
Screenshot 20231108 082453 WhatsApp 1
  1. APE GENU GIYA THANA GAGENA NAGENA AYE WENA EKIYAKATA YANNA BERI WENA THANATA KETHA KARALA WINASA KARALA ENNE. DAN UNTA AIR TICKET DENNATH ONA APE BADHU MUDAL WALIN DHA. KO UN AWURUDU GANAN HAMBA KARAPUWA. APE GENU AYE KISIDAKA MIDDLE EAST YAWANNA EPA. GODAK DURCHARA GANIKAWO HINGANNIYO ANATHAYO LESA INNE APE RATEYI GENU. UN GIYA HATIYE YALU WENNE JEEWATH WENNE SEX KARANNE INDIA, BANGALI,PAKISTAN,PHILIPINE PIRIMI EKKA. EHEMA HITIYAMA MEHE PIRIMI WAGEYI MEHE WANA KARANNETH NAHE, MEHE AWAMA HOYAGENA ENNA BLACK MALE KARAANETH NATHI NISA.