ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉහළට

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කල නවතම එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් වල අට වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්ව තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩක චරිත් අසලංක එම ශ්‍රේණිගත කිරීම්හි 14 වන ස්ථානය දක්වා ස්ථාන 2 කින් ඉදිරියට පැමිණ ඇති බව සදහන්.

මෙම ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලංකා ක්‍රීඩක ජනිත් ලියනගේ ස්ථාන 118 ක් පසු කරමින් 87 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබීමද විශේෂත්වයක්.

එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථානයේ තවමත් පසුවන්නේ පාකිස්තාන ක්‍රීඩක බාබර් අසාම් වන අතර එම සටහනේ දෙවන තුන්වන සහ සිව්වන ස්ථාන පිළිවලින් ශුබ්මන් ගිල් , විරාට් කෝලි සහ රෝහිත් ෂර්මාට හිමිව තිබෙනවා.