spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලන්කන් ගුවන් යානා 06ක් ගුවන් ගමන් අවලංගු කරයි

කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව, මැදපෙරදිග සහ තායිලන්තය බලා අද (27) දිනයේ පිටත්ව යාමට නියමිත ගුවන් යානා 07ක් සිය ගුවන් ගමන් අවලංගු කර ඇති බව ගුවන් තොටුපොළ ගුවන් යානා තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරනවා.

එහි ප්‍රකාශිකාවක පැවසුවේ මෙම ගුවන් යානා අතරින් 06ක් ම ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා බවයි.

ඒ, අනුව අද (27) අලුයම 01.10ට ඉන්දියාවේ බැංගලෝර් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-173 දරන ගුවන් යානය, අද අලුයම 01.15 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 402 දරන ගුවන් යානය, අද දහවල් 01.45 ට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 127 දරන ගුවන් යානය ද කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්වීම අවලංගුකර තිබෙනවා.

මීට අමතරව අද (27) දින පස්වරු 05.10 ට ඉන්දියාවේ මුම්බායි නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 143 දරන ගුවන් යානය ද, ඇද රාත්‍රී 06.30 ට දමාම් නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 263 දරන ගුවන් යානය ද, අද රාත්‍රී 06.50 ට අබුඩාබි නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 207 දරන ගුවන් යානය ද පිටත්ව යාම අවලංගු කර තිබෙන බවයි එම ප්‍රකාශිකාව පැවසුවේ.

එමෙන්ම අද (27) දින අලුයම 02.25 ට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතව තිබූ ස්පයිස් ජෙට් ගුවන් සේවයේ එස්.ජී.- 002 දරන ගුවන් යානය ද සිය ගුවන් ගමන අවලංගු කර ඇති බව වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
8
+1
4
+1
2
+1
3
+1
3
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?