ශ්‍රී ලන්කන් ගුවන් යානා 06ක් ගුවන් ගමන් අවලංගු කරයි

කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව, මැදපෙරදිග සහ තායිලන්තය බලා අද (27) දිනයේ පිටත්ව යාමට නියමිත ගුවන් යානා 07ක් සිය ගුවන් ගමන් අවලංගු කර ඇති බව ගුවන් තොටුපොළ ගුවන් යානා තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරනවා.

එහි ප්‍රකාශිකාවක පැවසුවේ මෙම ගුවන් යානා අතරින් 06ක් ම ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා බවයි.

ඒ, අනුව අද (27) අලුයම 01.10ට ඉන්දියාවේ බැංගලෝර් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-173 දරන ගුවන් යානය, අද අලුයම 01.15 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 402 දරන ගුවන් යානය, අද දහවල් 01.45 ට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 127 දරන ගුවන් යානය ද කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්වීම අවලංගුකර තිබෙනවා.

මීට අමතරව අද (27) දින පස්වරු 05.10 ට ඉන්දියාවේ මුම්බායි නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 143 දරන ගුවන් යානය ද, ඇද රාත්‍රී 06.30 ට දමාම් නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 263 දරන ගුවන් යානය ද, අද රාත්‍රී 06.50 ට අබුඩාබි නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 207 දරන ගුවන් යානය ද පිටත්ව යාම අවලංගු කර තිබෙන බවයි එම ප්‍රකාශිකාව පැවසුවේ.

එමෙන්ම අද (27) දින අලුයම 02.25 ට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතව තිබූ ස්පයිස් ජෙට් ගුවන් සේවයේ එස්.ජී.- 002 දරන ගුවන් යානය ද සිය ගුවන් ගමන අවලංගු කර ඇති බව වාර්තා වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29