spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලන්කන් ගැන විෂභාර ඇමති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

අවස්ථා කිහිපයකදී ම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර කිහිපයක් ප්‍රමාදවීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (02) දිනයේ කැඳවා තිබෙනවා.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ මෙම සාකච්ඡාව කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම විශේෂ සාකච්ඡාව සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවා ආයතනයේ නිලධාරීන් සහ සියලුම වෘත්තිය සමිති නියෝජිතයින් ද එක්වීමට නියමිතයි.

ගුවන් ගමන් ප්‍රමාදයන් පිළිබඳ මෙහි දී අදාළ බලධාරීන්ගෙන් කරුණු විමසීමට නියමිතව බවයි වාර්තා වුණේ.

පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර කිහිපයක් අවලංගුවීම හා ප්‍රමාද වීම සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා.

එහිදී එම ගුවන් සේවයෙන් ගුවන් ගමන් පහසුකම් සලසා ගැනීමට පැමිණි ගුවන් මගීන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සිය අප්‍රසාදය පළකරන ආකාරය ද දැකගත හැකි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?