ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කථානායකවරුන් අතර හමුවක්

නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බංග්ලාදේශ කථානායක ආචාර්ය ශිරින් ෂර්මින් චෞද්රි (Shirin Sharmin Chaudhury) මහත්මිය සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන අතර හමුවක් පාර්ලිමේන්තුවේදී සිදුවී තිබෙනවා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් තාරික් මොහොමඩ් අරිෆුල් ඉස්ලාම් ද එක්ව සිටියා.

කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවට පැවති ආර්ථික අර්බුදයෙන් මිදීමට හැකිවීම පිළිබඳව බංග්ලාදේශ කථානායකවරිය මෙහිදී තම ප්‍රසාදය පළ කළා.

2024 වසරේ මුලදී පැවැත්වීමට නියමිත බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු දෙරට අතර පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ප්‍රතිස්ථාපනය කිරීමට ද අපේක්ෂා කරන බවයි ඇය ප්‍රකාශ කළේ.

එමෙන්ම, බංග්ලාදේශයේ නිල සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට බංග්ලාදේශ කථානායකවරිය මෙහිදී ආරාධනා කර තිබෙනවා.

එයට අමතරව, දෙරටේ පාර්ලිමේන්තු ක්‍රමය, සෞඛ්‍ය සේවාව, කර්මාන්ත ක්ෂේත්‍රය, සංචාරක ක්ෂේත්‍රය, ආයෝජන සහ අපනයන වැනි කරුණු සම්බන්ධයෙන් ද දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්වුණා.

මෙම හමුවීමෙන් අනතුරුව බංග්ලාදේශ කථානායක ආචාර්ය ශිරින් ෂර්මින් චෞද්රි මහත්මිය පාර්ලිමේන්තුවේ විශේෂ ආරාධිතයන් සඳහා වූ සටහන් පොතේ හි අත්සන් තැබීම ද සිදු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14