spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

 ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබයි

රෝඩ් සේෆ්ටි වර්ලඩ් සීරීස් ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර (30) පැවැත්විය.

එහි පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 172ක් රැස් කළා.

ඉෂාන් ජයරත්න ලකුණු 31ක් හා සනත් ජයසූරිය ලකුණු 26 ක් රැස් කළා. ජීවන් මෙන්ඩිස් ලකුණු 25 යි.

ඒ අනුව කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායමට තරගය ජයගැනීම සඳහා හිමිවු ලකුණු 173 ලබා ගැනිමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායමට තම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කිරිමට හැකි වුයේ ලකුණු 158ක් පමණි

ලකුණු 17 කට නායක බ්‍රයන් ලාරා දැවී ගිය. ‍ෙඩ්වේයන් ස්මිත් ලකුණු 2යි. ස්මිත් හා කර්ක් එඩ්වඩ්ස් දවා ගැනීමට සනත් ජයසූරිය සමත් විය. නර්සිං ඩියොනරීන් පන්දු 39 කින් ලකුණු 63 ක් ලබා ගත්තා. හයේ පහර හා හතරේ පහර 4 බැගින් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී සනත් ජයසූරිය ලකුණු 26 කට කඩුලු 2ක් දවා ගත්තා. නුවන් කුලසේකර ද ලකුණු 26 කට බිද හෙලූ කඩුලු ගණන 2ක්.

ඒ අනුව තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හා ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර හෙට(1) රායිපූර් හී දී රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?