ශ්‍රී ලංකා යෞවනයෝ ජයග්‍රහණයකින් ආසියානු කුසලාන ගමන අරඹයි

වයස අවුරුදු 19 පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයෙන් කඩුලු 07ක දැවැන්ත ජයක් අද (09) වාර්තා කළා.

ඒ, මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූ ජපාන කණ්ඩායම පරාජයට පත්කරමින්.

ඩුබායි හිදී පැවති මෙම තරගයේ කාසිය වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 පහළ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ජපාන කණ්ඩායමට ආරාධනා කළා.

එම ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ජපාන වයස අවුරුදු 19 පහළ කණ්ඩායම පන්දුවාර 30යි පන්දු 03කදී ලකුණු 75කට සීමා වුණා.

පන්දු යැවීමේ දී මල්ෂා තරුපති කඩුලු 03ක් සහ ගරුක සංකේත් ජපාන ඉනිමේ කඩුලු 02ක් බිඳ දැමුවා.

ජපාන ඉනිම වෙනුවෙන් චාල්ස් හින්ස් පන්දු 52ක් තුළ ලකුණු 36ක් රැස්කළ අතර, නායක කෝජි අබේ ලකුණු 19ක් රැස් කළා.

අනතුරුව ලකුණු 76ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම අදාළ ඉලක්කය පන්දුවාර 12යි පන්දු 02ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී පසුකර ගියා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායක සිනෙත් ජයවර්ධන නොදැවී ලකුණු 26ක් රැස්කළ අතර, රුසඳ ගමගේ ලකුණු 18ක් ශ්‍රී ලංකා ඉනිමට එක්කළා.

පන්දු යැවීමේ දී කීෆර් ලේක් ශ්‍රී ලංකා කඩුලු 02ක් බිඳ දැමීමට සමත් වූණා.

ඒ, අනුව මෙම තරගයෙන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 පහළ කණ්ඩායමට කඩුලු 07ක ජයක් හිමිවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33