spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා යොවුන් චෙස් කණ්ඩායම පදක්කම් 11කින් ලක්මව සරසයි (ඡායාරූප)

මැලේසියාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ජාත්‍යන්තර චෙස් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා යොවුන් චෙස් කණ්ඩායම රන් පදක්කමක්, රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කම් 06 දිනා ගෙන ඊයේ (28) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම තරගාවලිය මැලේසියාවේ මලක්කා නුවර ඉකුත් 20 දින සිට 27 දින දක්වා රටවල් 11 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 283 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.

මෙහිදී ශ්‍රී ලංකා චෙස් කණ්ඩායම වයස අවුරුදු 08න් පහළ කණ්ඩායම, එම ඉසව්වේ රන් පදක්කම, රිදී පදක්කම සහ ලෝකඩ පදක්කම දිනා ගැනීම විශේෂත්වයකි.

එහිදී එම ඉසව්වේ රන් පදක්කම කුළුපන තක්ෂිලා ප්‍රාථමික විද්‍යාලයේ 03 ශ්‍රේණියේ ඉගෙනුම ලබන නෙතුමි විහංසා සිසුවියත්, රිදී පදක්කම වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ බාලිකා ප්‍රාථමික විද්‍යාලයේ එලීසා සෙව්වන්දි සිසුවියත්, ලෝකඩ පදක්කම මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ හසිනි අනුත්තරා සිසුවියත් දිනා ගැනීමට සමත් වුණා.

20240228 190619 1 scaled
20240228 190521 1 scaled
20240228 184910 2 scaled
20240228 185112 1 scaled
20240228 184649 1 scaled
20240228 184658 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?