ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ කොදෙව් ක්‍රීඩිකාවන් ව පරදති

වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රීඩිකා පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පැවැත්වෙන මූලික වටයේ දෙවැනි තරගය ද විශිෂ්ට ලෙස ජයගන්නට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් සමත් වුණා.

ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ බටහිර ඉන්දීය යොවුන් ක්‍රීඩිකාවන්.

A කාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් අද (21) තරගයේ කාසියේ වාසිය දිනාගනිමින් පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව සිය පන්දුවාර 20 අවසානයේ දී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් කඩුලු 05ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 166ක්.

සංජනා කවින්දි ලකුණු 38යි.

නායිකා මනුදි නානායක්කාර ලකුණු 38ක් සහ දැහැමි සනෙත්මා ලකුණු 31ක් ලබාගත්තා.

කඩුලු බිඳ දැමීමේදී කොදෙව් ක්‍රීඩිකාවන් වෙනුවෙන් Selena Ross කඩුලු 02ක් සහ ජහ්සරා ක්ලැස්ටොන්, කම්බර්බැච් සහ කනිකා එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

තරගය ජයග්‍රහණයට ලකුණු 167ක ඉලක්කයක් හිමි වූ කොදෙව් යොවුන් ක්‍රීඩිකාවන් පන්දුවාර 19කුත් පන්දු 04ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 85ක් පමණයි.

පීඩනකාරී පන්දු යැවීමක නිරත වූ චමෝදි ප්‍රබෝධා ලකුණු 16කට කඩුලු 03ක් සහ අසේනි තලගුණේ කඩුලු 02ක් බිඳ හෙලුවා.

ලිමංසා තිලකරත්න ලකුණු 07ට කඩුලු 02යි.

ඒ අනුව පැවති තරග දෙකම ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් සමත් වුණා.

තරගය පැවැත්වුණේ මැලේසියාවේ ක්වාලම්පූර් හි Bayuemas Oval ක්‍රීඩාංගණයේදියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56