ශ්‍රී ලංකා මුස්ලිම් කාන්තා සංගමයේ 90 වන සංවත්සරය අගමැතිතුමියගේ ප්‍රධානත්වයෙන්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජූලි 18වන දින කොළඹ දී පවත්වනු ලැබූ ශ්‍රී ලංකා මුස්ලිම් කාන්තා සංගමයේ 90 වන සංවත්සර උත්සවයට සහභාගී වුණා.

සීලෝන් මුවර් කාන්තා සංගමය විසින් මෙම සුවිශේෂී සංධිස්ථානය ළඟා කර ගැනීම පිළිබඳ සුබපැතුම් එක් කළ අග්‍රාමාත්‍යතුමිය දශක නවයක් පුරා තම ආරම්භක අරමුණු අමතක නොකර නොවෙනස්ව පවත්වාගෙන යමින්, සමාජ සේවය සඳහා සීලෝන් මුවර් කාන්තා සංගමයේ කැපවීම අගය කළා.

මෙම අවස්ථාව හුදෙක් අතීත ජයග්‍රහණ සැමරීමක් පමණක් නොවන බවත්, මෙම ස්වේච්ඡා පදනම තුළින් ජීවිත වෙනස් වූ දරුවන්ට, එම සේවය ඉදිරියට ගෙන යාමට කැපවූ කාන්තාවන්ට සහ එමඟින් ශක්තිමත් වූ ප්‍රජාවන්ට සිදුකරන උපහාරයක් බව අග්‍රාමාත්‍යතුමිය පැවසුවා.

රටක ප්‍රගතිය කාන්තාවන්ගේ සාර්ථක සහ සමාන සහභාගිත්වය මත පදනම් වන බව අවධාරණය කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අධ්‍යාපනය, ආර්ථිකය, ප්‍රජා නායකත්වය සහ සාමාන්‍යය ජීවිතය තුළ කාන්තාවන්ට සම අවස්ථා ලබාදීම තිරසාර සංවර්ධනය, ශක්තිමත් පවුල් සංස්ථාවක් සහ සහ ශක්තිමත් සමාජයක් ගොඩනැගීම සඳහා අතවශ්‍ය කරුණක් බව ප්‍රකාශ කළා.

ගුණාත්මක අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, ආර්ථිකය සහ නායකත්වය සඳහා සමාන ප්‍රවේශයක් තුළින් සෑම කාන්තාවකටම තම පූර්ණ හැකියාවන් සාක්ෂාත් කර ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා රජය කැපවී සිටින බවද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අවධාරණය කරනු ලැබුවා.

සැබෑ සුබසාධනය යනු ක්ෂණික සහන සැලසීම පමණක් නොවන බවත්, අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය, ආරක්ෂාව සහ අවස්ථා ලබාදීම හරහා පුද්ගලයන්ට සුරක්ෂිත හා ගෞරවාන්විත ජීවිතයක් ගොඩනඟා ගැනීමට හැකි වන ලෙස සවිබල ගැන්වීම බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.

අවදානමට ලක්වූ ප්‍රජාවන් ආරක්ෂා කරන අතරම ඔවුන්ගේ සවිබල ගැන්වීම හා ස්වාධීනව ගොඩ නැගීම සඳහා මාර්ග විවෘත කරන සුබසාධන පද්ධතීන් ශක්තිමත් කිරීමට රජය කැපවී සිටින බවද අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළා.

සිවිල් සමාජ සංවිධාන මඟින් ලබා දෙනා දායකත්වය පිළිබඳවද අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය, රජයන් ප්‍රතිපත්ති සම්පාදනය කර රාජ්‍ය සේවා සපයන නමුත් සමාජයේ බොහෝ අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා ප්‍රජා සංවිධානවල මැදිහත් වීම සහ කැපවීම අත්‍යවශ්‍ය බව සඳහන් කළාය. සීලෝන් මුවර් කාන්තා සංගමය වැනි සංවිධාන සහ රාජ්‍ය ආයතන අතර පවතින හවුල්කාරීත්වය තුළින් ළමා ආරක්ෂාව ශක්තිමත් කිරීම, පවුල් සවිබල ගැන්වීම සහ ප්‍රජාවන් ගොඩනැගීමට සැලකිය යුතු දායකත්වයක් ලැබෙන බවද පැවසුවා.

සීලෝන් මුවර් කාන්තා සංගමයේ යාවජීව සාමාජිකාවන් වෙත උපහාර පුද කිරීමද මෙම අවස්ථාවේදි අග්‍රාමාත්‍යතුමිය අතින් සිදු වූ අතර යහපත් ගුණාංගවලින් යුතු තරුණ කාන්තා පරපුරක් බිහි කිරීම, ඔවුන් තුළ ආත්ම විශ්වාසය ශක්තිමත් කිරීම සහ කරුණාව හා වගකීම මත පදනම් වූ නායකත්වයක් ගොඩනැගීම වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය සහ නොසැලෙන කැපවීම අගය කළා.

ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධනය, සියල්ලන් ඇතුළත් ආර්ථික වර්ධනය සහ ජාතික සංහිඳියාව කරා ගමන් කරන මේ අවස්ථාවේ එවැනි ගුණාංග අතිශයින් වැදගත් බවද අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළා.

මෙම අවස්ථාවේදී සීලෝන් මුවර් කාන්තා සංගමයේ 90 වැනි සංවත්සරය නිමිත්තෙන් නිකුත් කළ සමරු කලාපය එළිදක්වනු ලැබූ අතර එහි පළමු පිටපත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පිළිගැන්වුණා.

මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය කථානායක ආචාර්ය රිස්වි සාලි, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර්, තානාපතිවරුන්, සීලෝන් මුවර් කාන්තා සංගමයේ නිලධාරීන් හා සාමාජිකාවන්, සහ ආරාධිත පිරිසක් එක්ව සිටියා.

  1. කාන්තා නිදහස ස්ථාපිත කරමු. බෞද්ධ ශිෂ්ටාචාරය සහිත ලංකාව තස්තවාදී මුස්ලිම් කරණයට යටත් කීරීමේ ඉරාන පලස්තීනය මුස්ලිම් තස්තවාදය ඊශ්‍රායල ඇමරිකානු හා ඉන්දීය සහාය සහිතව මිලිටරිමය පරාජය කරමු.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48